බ්‍රිතාන්‍ය වෙරළ තීරවලට ප්ලාස්ටික් බෝතල් 16,000ක් මුදාහැරලා
- 2019-11-29 11:17:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දින සතරක් තිස්සේ බ්‍රිතාන්‍ය වෙරළ තීර පිරිසිදු කරන සමුද්‍ර සුරක්ෂණ ඒකකයේ නිලධාරීන් එහි තිබූ ප්ලාස්ටික් සහ වීදුරු බෝතල්, ලෝහ කෑන් 16,000ක පමණ ප්‍රමාණයක් ඉවත්කර ඇතැයි පැවසේ. ඔවුන් පවසන්නේ මේවනවිටත් මුහුද ආශ්‍රිතව ජීවත්වන සතුන් මෙන්ම මිනිසුන්ටද මෙම කසළ තර්ජනයක් වී ඇති බවයි. බ්‍රිතාන්‍ය වෙරළ සුරැකුම් ඒකකය විසින් ද සැප්තැම්බර් මාසයේදී සතියක පමණ කාලයක්, වෙරළ තීර 437ක් පමණ ස්වේච්ඡා නිලධාරීන් 10,800ක් යොදවා පිරිසිදු කළ අතර, කිලෝ 10,833ක් පමණ කසළ ඉවත්කිරීමට හැකිවිය. හමු වූ බෝතල් නැවත භාවිතකිරීමේ කටයුතුතක් වෙනුවෙන් යෙදවිය හැකිද යන්න පිළිබඳව සොයාබැලීමට නියමිතය.
(ද ගාඩියන් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments