WHOට දෙන අරමුදල් ඇමෙරිකාව කපා හරියි
- 2020-04-15 23:21:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සම්බන්ධයෙන් සමාලෝචනයක් පවත්වන අතරතුර, එම සංවිධානය වෙත ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අරමුදල් සැපයීම නතර කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (14දා) නිවේදනය කළේය.
මෙම සමාලෝචනය මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය භාරය තුළ "කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනයේ දැඩි කළමනාකරණ දුර්වලතා සහ වෛරසය පැතිරීම වසන් කිරීම" සම්බන්ධයෙන් අවධානය යොමුකෙරෙන බව ට්‍රම්ප් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියේය.
වෛරසය පැතිරී යාමේ මුල් අවධියේදී එක්සත් ජනපදය චීනයට සංචාරක සීමා පැනවූ අවස්ථාවේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය "අප කළ දෙයට විරුද්ධ" වූයේ යැයි ට්‍රම්ප් කියා සිටියේය.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් තම දේශසීමා චීනයට විවෘතව තැබූ ලෝකයේ සෙසු රටවල් සහ කලාප පුරාද වසංගතයේ පැතිරීම වේගවත් වූ බව ඔහු අවධාරණය කළේය.
"සංචාරය විවෘතව තබා ගැනීමට අනෙකුත් ප්‍රධාන රටවල් ගත් තීරණය මහා ඛේදවාචකයක් බවට පත්වුණා. මුල් දිනවල වෛරසය පාලනයට තිබූ අවස්ථා මඟ හැරුණා." ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.
නරේන් විශ්වජිත්
Reply To:
Name - Reply Comment
0 Comments