Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොවිඩ් -19  වෛරසය ලෝකයට නව වෛරසයක් නමුත් එහි ප්‍රධාන වෛරස් කාණ්ඩය වන කොරෝනා වෛරසය හඳුනා ගැනීම පිළිබඳ අතීතය සොයා බලන විට ජූනි අල්මේදා යන නාමය හමුවෙයි. ඒ 1964 වර්ෂයේ ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ රසායනාගාරයේදී වෛද්‍ය අල්මේදා විසින් ප්‍රථම වරට මානවයන්ට වැළඳෙන කොරෝනා වෛරසය සොයා ගැනීම හේතුවෙනි.


ලෝකයේම අවධානය කොරෝනා වෛරසය වෙත යොමුව ඇති පසුබිමක ජූනි අල්මේදා පිළිබඳ අවධානයද නිතැතින්ම යොමුව තිබේ. මෙම වෛරස් විද්‍යාඥවරිය 1930 ජුනි මස ස්කොට්ලන්තයේ හාර්ට්හි උපත ලැබූ අතර, හැදී වැඩුණේ ග්ලාස්ගෝ හි ඊසාන දෙසින් ඇලෙක්සැන්ඩ්‍රා උද්‍යානය අසල පිහිටි ඉඩමකය. ඇගේ පියා වෘත්තියෙන් බස් රථ රියදුරෙකු වන අතර, ඇය පාසල් දිවියට සමු දී තිබුණේ සොළොස් හැවිරිදි වියේදීය.

ඇය විධිමත් අධ්‍යාපනයක් ලබා පාසලෙන් සමුගත් අතර, ග්ලාස්ගෝ රාජකීය රෝහලේ රසායනාගාර කාර්මික ශිල්පියෙකු ලෙස රැකියාවක් ලබා ගත්තාය.

පසුව ඇය සිය වෘත්තිය ඉදිරියට ගෙන යාම සඳහා ලන්ඩනයට ගිය අතර, 1954දී වෙනිසියුලානු චිත්‍ර ශිල්පියෙකු වන එන්රික්ස් අල්මේදා සමග විවාහ විය.

මෙම යුවළ සහ ඔවුන්ගේ කුඩා දියණිය පසුව කැනඩාවේ ටොරොන්ටෝ වෙත පදිංචියට ගිය අතර, වෛද්‍ය ලේඛක ජෝර්ජ් වින්ටර්ට අනුව ඔන්ටාරියෝ පිළිකා ආයතනයේදී වෛද්‍ය අල්මේදා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් සිය කැපී පෙනෙන කුසලතා වර්ධනය කර ගත්තාය.

වෛරස් සමුච්චය කිරීම සඳහා ප්‍රතිදේහ භාවිත කිරීමෙන් වඩා හොඳ දෘශ්‍යමාන ක්‍රමවේදයක් මෙහිදී ඇය සොයා ගත්තාය.

ඇය ආපසු ලන්ඩනයට පැමිණි පසු විල්ට්ෂයර් හි සාලිස්බරි හී සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවන් පිළිබඳව අධ්‍යයනය කරන common cold  ඒකකයේ පර්යේෂණ කරමින් සිටි වෛද්‍ය ඩේවිඩ් ටයරල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට පටන් ගත්තාය.

වින්ටර් මහතා පවසන්නේ වෛද්‍ය ටයිරෙල් ස්වේච්ඡා සේවකයන්ගෙන් ලබාගන්නා සොටු සාම්පල  අධ්‍යයනය කරමින් වෛරස් කිහිපයක් වර්ධනය කිරීමට සමත් වූ බවයි.

විශේෂයෙන් එක් නියැදියක් B814 ලෙස හැඳින්වූ අතර, එය 1960දී සරේහි බෝඩිමක සිටි පාසලක සිසුවෙකුගේ නාසය සේදීමෙන් එකතු කරගත් සාම්පලයක් තුළින් සොයාගෙන තිබිණ.

එම වෛරසයේ Common cold ලක්ෂණ ස්වේච්ඡා සේවකයන්ට සම්ප්‍රේෂණය කිරීමට ඔවුන්ට හැකි වූ නමුත්, සාමාන්‍ය සෛල සංයුතිය  තුළ එය වර්ධනය කිරීමට ඔහුට නොහැකි විය.

 එම හේතුව මත වෛද්‍ය ටයරල් කල්පනා කර තිබුණේ එය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් නිරීක්ෂණය කළ හැකිද යන්නයි.

ඒ අනුව ඔහු නිදර්ශකවල ඇති වෛරස් අංශු සාම්පල  ජුනි අල්මේදා වෙත යවා ඇති අතර, ඇය එම සාම්පල අධ්‍යයනය කර ඉන්ෆ්ලුවෙන්සා වෛරස් කාණ්ඩයට සමාන ලක්ෂණ සහිත ලෙස විස්තර කළ නමුත් එය හරියටම එම වෛරස් කාණ්ඩයට සමාන නොවන බව දැන්වූවාය.

ඒ අනුව පළමු මිනිස් කොරෝනා වෛරසය ලෙස හැඳින්වූ වෛරසය ලෙස වෛද්‍ය ටයරල් විසින් එවූ වෛරස් අංශු සාම්පල ඇය විසින් හඳුනා ගත්තාය.

වෛද්‍ය අල්මේදා පසුව ලන්ඩනයේ පශ්චාත් උපාධි වෛද්‍ය විද්‍යාලයේ සේවය කළ අතර, එහිදී ඇයට ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.

ඇය සිය වෘත්තීය ජීවිතය  welcome institute හීදී නිම කළ අතර, එහිදී  වෛරස් රූපකරණ ක්ෂේත්‍රයේ පේටන්ට් බලපත්‍ර කිහිපයක්ද සතු කර ගත්තාය.

Welcome අධ්‍යයන ආයතනයට සමුදුන් ඇය යෝගා ගුරුවරියක වූ නමුත්, 1980 දශකයේ අග භාගයේදී එච්.අයි.වී වෛරසයේ රූපකරණයන්ට උපදේශන ලබාදීමේ  භූමිකාවක් සඳහා නැවත ක්ෂේත්‍රයට  පිවිසුණාය.

ජුනි අල්මේදා 2007දී මිය යන විට වයස අවුරුදු 77කි.

 ඇයගේ මරණයෙන් වසර 13කට පසු ඇය ලොව පුරා ව්‍යාප්තව ඇති වෛරසය පිළිබඳ අවබෝධය වේගවත් කළ පුරෝගාමියෙකු ලෙස අද  වනවිට පිළිගැනීමට ලක්ව ඇත.

නදීශානී පතිරණ (බී බී සී ලෝක පුවත් ඇසුරෙනි )

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.