කැප්පෙටිපොළ දිසාවේ රාජ්‍ය ද්‍රෝහියෙකු කළ ගැසට් පත්‍රය අවලංගු කිරීමට නිර්දේශ
- 2016-12-05 18:55:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
1818 උඩරට කැරැල්ල මෙහෙය වූ කැප්පෙට්ටිපොළ අධිකාරම් ඇතුළු උඩරට නායකයන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය අවලංගු කරන්නැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිර්දේශ ඉදිරිපත් කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රි විසින් 1818 ජනවාරි මස 10 වැනිදා මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. කැප්පෙටිපොළ මහාධිකාරම් ඇතුළු සිංහල නායකයන් 19 දෙනෙකුගේ නම් 1818/01/10 අංක 851 දරන ලංකා ගැසට් පත්‍රයේ පළකරමින් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කර තිබේ.
වසර 200කට ආසන්න කාලයක් තුළ එම ගැසට් පත්‍රය අවලංගු කර නොමැති බැවින් ඉංග්‍රීසීන්ගෙන් රට බේරා ගැනීමට සටන් කළ මෙම නායකයන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු කර ජාතික වීරවරයන් ලෙස නම් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය අවධාරණය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments