75 වැනි නිදහස් සැමරුමට සමගාමීව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක්
- 2022-12-05 12:23:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැත්තෑපස් වන ජාතික නිදහස් දිනය සිහිකරනු පිණිස රටේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට වගකීම පවරා තිබෙන බවත් එම වගකීම කඩිනමින් ඉටු කරන බවත් යෞවන කටයුතු සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසීය .
ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ප්‍රතිපාදන යටතේ දිවයිනේ පළාත් නමයක එක් පළාතකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ක්‍රීඩා පුහුණු පාඨමාලාව ආරම්භ කොට මධ්‍යම පළාතේ ක්‍රීඩා පුහුණු පාඨමාලාව අවසන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෙනෙකු නික්ම යෑමේ අවස්ථාව 03 දින දඹුල්ල ඉනාමලුව තරුණ සේවා සභාවට අයත් පුහුුහුණු මධ්‍යස්ථානයේ දී සිදුකෙරිණි.
මෙහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා තරුණ තරුණියන්ට අරගලය සිදුකොට රාජ්‍ය පාලනය පෙරළා දැමීම වෙනුවට උගත් බුද්ධිමත් තරුණයන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තු මැති ඇමැතිවරු සමග එක්ව රට ගොඩනැගීම සඳහා ආරාධනා කරන බව සඳහන් කළේය
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට විශේෂ වගකීමක් පවරා තිබෙන බවත් ඒ අනුව ඉදිරියේ දී ජනාධිපතිවරයා ගේ යෝජනාව අනුව මෙරට විදේශීය රටවල් වල උදව් උපකාර මත ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය ස්ථාන පරික්ෂා කිරීම තමන් විසින් සිදු කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ආරම්භ කිරී මෙන් පසු එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අයවලුන්ගෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ තනතුරු මෙන්ම ඇමැතිකම් රාජ්‍ය ඇමති කම් නියෝජ්‍ය ඇමැතිකම් සපුරාලීමට හැකියාවක් ඇත්නම් එය රටක් හැටියට ක්‍රීඩාවට කරන විශාල කර්තව්‍යයක් බව හෙතෙම පෙන්වා දුන්නේය.
මාතලේ මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල යෞවනවන සමාජ නියෝජනය කරමින් තරුණ සේවා සභාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිය දෙනෙකු සිය පුහුණුවීම් අවසන් කොට විසිර යෑම දඹුල්ලේ දී සිදු කෙරිණි.
Reply To:
Name - Reply Comment
0 Comments