Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

8762448_orig

දිවයිනේ පිහිටි අග්‍රගණ්‍ය බිතුසිතුවම් නූතන තාක්ෂණයට අනුව ඡායාරුප මගින් වාර්තා ගත කොට සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 ඒ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ උපදෙස් මතයි.

පසුගිය කාලයේ බිතුසිතුවම් විනාශ වී යාමේ සිදුවීම් රැසක් වාර්තා වීමත් සමඟ එම සිතුවම් ස්ථානීය සංරක්ෂණයටත් ඊට අමතරව මෙලෙස ඡායාරූප ගත කොට සංරක්ෂණය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇත. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදේශකත්වය සහ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන අතර ලංකාවේ විවිධ අවධීන්ට අයත් විශිෂ්ටතම බිතුසිතුවම් රැසක් මෙම ව්‍යාපෘතිය යටතේ ඡායාරූප මගින් වාර්තා ගත කිරීමට නියමිතය.

සීගිරිය, පොලොන්නරුව ප්‍රතිමා ගෘහය, මහනුවර දෙගල්දොරුව විහාරය සහ කැළණිය රජමහා විහාරයේ ඇති සිතුවම් මේ වන විටත් වාර්තාගත කිරීමට පියවර ගෙන ති‍බේ. සීගිරි චිත්‍ර ඇසුරින් සිදුකළ මෙම ඡායාරූප වාර්තා කරන කටයුත්තේ දී ලබාගත් ක්ෂුද්‍ර ඡායාරූපයක් තුළ පියවි ඇසට නොපෙනෙන මිලිමීටර් 1/10 ක් තරම් වූ ලෝහ පතුරක් සහ නූල් කැබැල්ලක් සිතුවම් පෘෂ්ඨයෙන් හඳුනා ගැනීමට හැකි වී තිබේ.

සිතුවම් ඡායාරූප ගත කිරීමේ වැඩසටහන යටතේ ලබාගන්නා ඡායාරූප ඇතුළත් දුර්ලභ ගණයේ සිතුවම් සහිත ඡායාරූප එකතුවක් ග්‍රන්ථ මාලාවක් වශයෙන් මුද්‍රණය කිරීටම ද සැලසුම් කර තිබේ.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.