Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

තායිවානයේ තායිපේ නුවරදී පවත්වන ලද Asia Pacific ICT Awards- 2016  තරගාවලියේදී රන් සම්මායනය හිමිකරගත් මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ සිසුන් ඇගයිමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කටයුතු කරනු ලැබීය.

තරගයට ශා.අන්තෝනි විද්‍යාලයේ ගජින්දු කාවින්ද බණ්ඩාර සහ කවින්ද්‍ර ගිම්හාන් විජයවර්ධන යන සිසුන් එක්වූ අතර ඔවුන් කණ්ඩායම් ව්‍යාපෘතියක් ලෙස ඉදිරිපත් කරන ලද  “Smart Walking Stick” නිර්මාණය සදහා රන් සම්මානය හිමිවිය.

මෙම තරගාවලිය සඳහා රටවල් 16 ක් නියෝජනය කරමින් නිර්මාණ 48 ක් පමණ ඉදිරිපත් ව තිබූ  අතර ඒ අතරින් විශිෂ්ටතම නව නිර්මාණය වශයෙන් මෙම නිර්මාණය තේරී තිබේ.

ඔවුන්ට අමතරව කුරුණෑගල මලියදේව විද්‍යාලයේ නිලාන් දිල්හාර මීගොඩ විසින් ඉදිරිපත් කළ Vocus the Robot ව්‍යාපෘතිය හා මීගමුව ගේට්වේ විද්‍යාලයේ සුභාෂ් ඇන්ටන් කාවින්ද තිසේරා, ශවීන් මලින්ත ප්‍රනාන්දු, යූජු මෂූඩා හා සුගුමාරන් අබිලාෂ් විසින් ඉදිරිපත් කළ  Arduino CNC Plotter යන ව්‍යාපෘතිය ද ශ්‍රි ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට එක්කළේය.

තරගාවලිය 2016-12-02 දින සිට 2016-12-05 දින දක්වා තායිවානයේ තායිපේ නුවරදී පැවැත්වීය.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (3) unnamed (5) unnamed (4)

 

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.