BIOFIN ශ්‍රී ලංකාව තුළ ඇරඹේ
- 2016-11-04 11:37:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරැකීම සඳහා මූල්‍ය අවශ්‍යතා තක්සේරු කර එය කළමනාකරණය කිරීම සඳහා පහසුකම් සැපයීම මුල්කරගත් ජෛව විවිධත්වය සඳහා මූල්‍යකරණ (BIOFIN) ව්‍යාපෘතිය ආරම්භ කළ බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ සහකාර අධ්‍යක්ෂිකා ආචාර්ය විශාකා හිදැල්ලගේ මහත්මිය පවසයි.
ඇය මේ අදහස් පළ කර සිටියේ ජෛවවිවිධත්වය හා මූල්‍යකරණය (BIOFIN) පිළිබඳ වැඩසටහන ශ්‍රී ලාංකික ජනතාවට හඳුන්වාදීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ඊයේ ක්‍රියාත්මක කරන ලද වැඩමුළුවක් අමතමිනි. 2018 වසර තෙක් ක්‍රියාත්මක මෙම BIOFIN වැඩසටහන සඳහා ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ඉදිරිපත්ව සිටියි.
ලෝකයේ ඉහළ ජෛවවිවිධත්වයක් සහිත මෙන්ම ඉහළ ජෛවවිවිධත්ව අවදානමක් සහිත ස්ථානයක් (Hotspot) ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ ජෛවවිවිධත්වය යොදා ගනිමින් සිදුකරන මුදල් ආයෝජන නිසි කළමනාකරණය හරහා අත්පත් කරගත හැකි ප්‍රයෝජන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණ විය. ඊයේ ආරම්භ වූ මෙම වැඩමුළුව අද දිනය පුරාත් පැවැත්වෙයි.
දැනට ලොව රටවල් 29ක් මෙම BIOFIN වැඩසටහන සඳහා සම්බන්ධව සිටින අතර ශ්‍රී ලංකාව එහි 30 වැනි රට බවට පත්ව සිටියි. මෙහිදී මූලිකවම ජෛව විවිධත්ව සම්පත් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කරගැනීමට අවශ්‍ය සහයෝගය අදාළ රාජ්‍ය වෙත ලබාදීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ. එසේම තිරසාර සංවර්ධනය සඳහා මෙම ජෛවවිවිධත්වය උපයෝගි කරගන්නා ආකාරය සම්බන්ධයෙන්ද කරුණු දක්වමින් ජාතික වශයෙන් ක්‍රියාත්මක ජෛව විවිධත්ව ඉලක්ක සහ සැලසුම් සාර්ථක කරගැනීමට සහාය දැක්වීම සැලැස්ම වී තිබේ. ශ්‍රී ලංකාව තුළ මෙම BIOFIN වැඩසටහන දියත් කිරීමේදී ප්‍රධාන උපදේශකත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා වෙත හිමිව තිබේ.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලොවිටා රාම්ගුටී, BIOFIN වැඩසටහනේ කලාපීය උපදේශිකා ඇනබෙලා ට්‍රිනිඩෑඩ්, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා පද්මා අබේකෝන්, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආර්ථික කටයුතු සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් එම්.අයි.එම්. රාෆීක්, පරිසරය සහ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර එකමුතුවේ (IUCN) හි මෙරට නියෝජිත ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රී, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අහ්මඩ් මුබාරක් සහ ජනතාක්ෂන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රංග පල්ලවල යන මහත්ම මහත්මීහු පිරිසක්ද සහභාගි වී සිටියහ.
භානුක අමරසිංහ/ඡායාරූප - ශමීර රාජපක්ෂ
Reply To:
Name - Reply Comment
0 Comments