Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීනය තුළ H5N1 කුරුළු උණ රෝගය වාර්තා වීමත් සමග හුනාන් පළාතේ කුකුලන් 17000ක් පමණ මරා දැමීමට චීනය කටයුතු කර තිබේ.

සත්ව ගොවිපෙළක කුකුළන් 7850කින් කුකුළන් 4500ක් මෙම රෝගය හේතුවෙන් මරණයට තිබේ. කෙසේ වෙතත් එම  රෝගය ව්‍යාපත්වීම වැළක්වීම සඳහා කුකුළන් 17828ක් මරා දැමීමට චීනය කටයුතු කර තිබේ.

මේ අත් ඉන්දියාවෙන්ද H5N1 රෝගය වාර්තා වන අතර එහි කුරුළු ගොවිපොළක සිටි කුරුල්ලන් 21060කින් කුරුල්ලන් 5634ක් මෙම රෝගයෙන් මරණයට පත්ව තිබේ. 

කෙසේ වෙතත් මේ දක්වා H5N1 හේතුවෙන් මිනිස් ජීවිත හානි වාර්තා නොවෙයි.

H5N1 හේතුවෙන් මේ දක්වා ලෝකයේ ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 455කි.

මේ අතර H1N1 කුරුණු උණ රෝගයද මේ වන විට ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඒ හේතුවෙන් තායිවානය තුළ පමණක් පසුගිය සතියක කාලය තුළ මරණ 13ක් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් H1N1 හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇති රට වන්නේ ඇමෙරිකාවයි.

රෝග පාලනය කිරීමේ හා වැළැක්වීම් මධ්‍යස්ථාන නිල ට්විටර් ගිණුමට අනුව H1N1 හේතුවෙන් ඇමෙරිකාව තුළ පමණක් අවම වශයෙන් පුද්ගලයන් 10000ක් 2019 ඔක්තෝබර් 01 දා සිට 2020 ජනවාරි 25 දා අතර කාර්තුවේදී ජීවිතක්ෂයට පවත්ව ඇති බව සඳහන් වෙයි.

එසේම එම කාර්තුවේදී  ඇමෙරිකාවේ මිලියන 19කට අධික සංඛ්‍යාවකට මෙම රෝගය ආසාදනය වී ඇති බවත් ඔවුන්ගෙන් පුද්ගලයන් 180000ක් පමණ රෝහල්ගතව ඇති බවත් එම මධ්‍යස්ථාන වැඩිදුරටත් සඳහන් කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.