S14 දුම්රිය හතරක් චීනය නැව්ගත කරයි
- 2020-03-03 11:48:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනයේ සී.ආර්.ආර්.සී. කිංඩාඕ සිෆැන්ග් සමාගම විසින් නිශ්පාදනය කළ ඩීසල් බලවේග කට්ටල අතරින් අවසන් දුම්රිය කට්ටල ශ්‍රී ලංකාවට එවීම වෙනුවෙන් චීනයේදී නැව්ගත කර තිබේ.
ශ්‍රී ලංකාව චීනයෙන් ඩීසල් බල්වේග කට්ටල 9ක් ඇණවුම් කළ අතර එයින් අවසන් බලවේග කට්ටල 4 මෙසේ නැව්ගත කර තිබේ. නවීනතම පහසුකම්වලින් සමන්විත මෙම බලවේග කට්ටල සුම්රිය S14 ලෙස නම්කර තිබේ.
2017 වසරේදී ශ්‍රී ලංකාව මෙම ඇණවුම චීනයට ලබාදුන් අතර ගිවිසුම්ගත කාලයටත් පෙර ඔවුන් ඒවා නිශ්පාදනය කිරිමට සමත්ව තිබේ. ශ්‍රී ලංකාවට මේ වන විට ගෙන්වා ඇති ඩීසල් බලවේග කට්ටල කොළඹ - බදුල්ල අතර ධාවනයට එක්කර ඇති අතර එම දුම්රිය දෙනුවර මැණිකේ ලෙස නම්කර තිබේ.
මගී ප්‍රවාහන මැදිරි 40ක් මෙසේ චීනය නැව්ගත කර තිබේ. මෙම දුම්රියන් නවීන පහසුකම්වලින් සමන්විත අතර එයට වායුසමනය කළ මැදිරි, එල්.සී.ඩී. ටීවී, වෙනස්කළ හැකි ආසන, ජී.පී.එස්. තාක්ෂණය, තොරතුරු දැන්වීමේ පුවරු ඇතුළත් කර තිබේ.
චීනය කෝවිඩ් 19ට එරෙහි සටනට මුහුණ දෙන අවස්ථාවේදී මේ ආකාරයට ඔවුන් නියමිත කාලයටත් පෙර ඇණවුම් අවසන් කිරීමට සමත්වීම කැපී පෙනෙන කරුණකි.
චීනය මේ වන විට ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාවේ විශාලම සැපයුම්කරු වන අතර සී.ආර්.ආර්.සී. සිෆැන්ග් ඩීසල් බලවේග කට්ටල දුම්රිය 52 ක් කාණ්ඩ 4ක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments