Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශීඝ්‍රයෙන් වෙනස්වන තාක්ෂණික ලෝකය සහ රැකියා අවස්ථා ජයගත හැකි සිසු පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ STEM අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට හා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ආකාර පිළිබඳව සොයාබැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගැනුනි.

අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා අංශයේ සම්බන්ධීකරණයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා ලංකාවේ ප්‍රකට විද්‍යා අධ්‍යාපනඥයින්, විද්‍යාඥයින්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, විවිධ ආයතනවල විද්‍වතුන් ඇතුළු පිරිසක් දායකත්වය සපයා තිබේ. ඒ අනුව ප්‍රාථමික, ද්විතීක, හා ජ්‍යේෂ්ඨ යන අංශවලට අදාළව යෝජනා මාලාවක් සකස්කර තිබේ.

සොබාදහම, පරිසරය හා ප්‍රායෝගිකත්වයට මූලිකත්වය ලබා දෙන දරුවකු ප්‍රාථමික අධ්‍යාපනය හරහා නිර්මාණය කිරීම සහ තරගකාරී විභාග මානසිකත්වයෙන් ඔවුන් මුදාගනිමින් කණ්ඩායම් හැඟීමෙන් යුත් පිරිපුන් ශිෂ්‍යයකු ප්‍රාථමික අධ්‍යාපනය හරහා නිර්මාණය කිරීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත්ව ඇති අතර STEM අධ්‍යාපන අවස්ථා පුළුල් ලෙස යොදාගැනීම අපේක්ෂාවයි.

ද්විතියික අංශය යටතේ 6 – 10 ශ්‍රේණි වල දරුවන්ගේ අධ්‍යාපනය තුළ ඇති STEM අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් විෂයමාලාව තුළ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිතය යන විෂයන් ඉගැන්වීම් ප්‍රමාණය ප්‍රායෝගිකත්වයට මුල්තැන දී ඉහළ නැංවීමටත්  යෝජනා වී තිබේ.

මීට අමතරව උසස් පෙළ සිසුන් සඳහා ද STEM අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට යෝජනා වී ඇති අතර විද්‍යා විෂයන් හදාරන සිසුන්ට කලාත්මක රස වින්දනය පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙන්ම කලා විෂයන් හදාරන සිසු දරුවන්ට ප්‍රායෝගික විද්‍යා අවබෝධය ලබාදීමට ද යෝජනා වී තිබේ.

එමෙන්ම මෙම යෝජනා මාලාව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම පසුගිය දා සිදු කෙරුණි.

මෙම යෝජනා සම්පාදනය කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ඔවුන්ට සහතික පත් පිළිගැන්වීමක් ද මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ඉන් අනතුරුව පිරිස ඇමතූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පාට පක්ෂ භේදයකින් තොරව රටක් ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැකි සංස්කෘතිය, සදාචාරය හා ගුණධර්ම අගයන පුරවැසියකු බිහිකිරීම අවශ්‍ය අධ්‍යාපන අවස්ථාවන් ඇති කරලීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් ලබා දෙන දායකත්වය තමා අගය කරන බවයි. එමෙන්ම කවර බාධක හමුවේ වුවද රටේ දරුවන්ගේ අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් දේශපාලන නායකත්වය ලබාදීමට තමා කිසිදු විටක පසුබට නොවන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.(රජයේ නිල පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.