නැදුන්ගමුවේ රාජා ‌වෙනුවෙන් ‌ මුද්දරයක්

2024 මැයි මස 14 ප.ව. 11:29 - {{hitsCtrl.values.hits}}  

ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියා විසින් සිදු කළ ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා , රුපියල් 15ක්  වටිනා තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරිම ඊයේ  (30) පෙරවරුවේ සිදු කෙරිණි. 

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයේ සංවිධානත්වයෙන් හා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජා හස්තියාගේ  හිමිකරු වන හර්ෂ ධර්මවිජය වෛද්‍යාචාර්ය වරයාගේ නැදුන්ගමුව නිවසේ පැවති  උත්සවයේදි  මෙම  මුල්දින කවරයක් නිකුත් කිරීම සිදු විය.

සියම් මහානිකායේ  බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක තලංගල්ලේ සෝමසිරි නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් රාජා හස්තියාට සෙත්පතා පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් 2354 වන මුල්දින කවරය නිකුත්කිරීම  ලෙස හස්තියෙකු වෙනුවෙන් නිකුත් වන දෙවන අවස්ථාව වශයෙන්  සුභ මොහොතින් මුද්දරය සහ මුල්දින කවරයක් නිකුත් කිරීම සිදු කෙරිණි. 

මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින්, මෙරට බෞද්ධ ශාසනික ඉතිහාසය තුළ  දළදා කරඩුව වැඩිම වාරයක් වැඩම කරවූ නැදුන්ගමුව රාජා හස්තියා වෙනුවෙන් මෙලෙස මුල්දින කවරයක් නිකුත් කිරීම සිදුවිම  ගැන සතුටට පත් වන බවත් රාජා හස්තියා රැකබලාගැනීම වෙනුවෙන් නැදුන්ගමුවේ ධර්මවිජය පරපුරට ගෞරවය පුද කරන බවත්ය. 

පසුගිය වකවානුව තුළ  අලි ඇතුන් සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා පිරිසක් සිරගත කළා. පෙරහර වලට අලි ඇතුන් නැතුව ගියා. මෙය අපේ සංස්කෘතික උරුමයට පහරක් උනා. එම යුගය අවසන් කර නව ගමන් මගක යමින්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නැදුන්ගමුව රාජා හස්තියා වෙනුවෙන් මෙලෙස මුල්දින කවරයක් නිකුත් කිරීම සිදු කරනු ලබනව.මෙම ඇත් පරපුර රැකබලා ගැනීම වෙනුවෙන් ධර්මවිජය වෙද පරපුරට සහ රාජා හස්තියාට දීර්ඝායු පතනව."

දළඳා මාලිගාවේ දිය වඩන නිලමේ වන ප්‍රදීප් දෑල බණ්ඩාර මහතා :- 

" 1985 වසරේදී  සබරගමුව මහා සමන් දේවාලයේ පෙරහරට සම්බන්ධවූ රාජා හස්තියා, 2005 වසරේ සිට දොළොස් වතාවක් දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට තිබෙනව. මෙම හස්තියාට තවත් දිගු කලක් මෙම අවස්ථාවට සහභාගි වීමට නීරෝගි සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනය කර සිටිනව.

අද වනවිට අලි ඇතුන් පෙරහර වලට නැතිව ගිහින් තිබුණත් කැලෑවේ සිටින අලි ඇතුන් සම්බන්ධ කර ගැනීමට රාජ්‍ය නොවන සංවිධාන වල විරෝධය පළව තිබෙනව. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක්. මෙවන් සමයක ධර්මවිජය වෙද පරපුර මගින් කරන්නාවූ සේවය ඉතා අගය කරනව."

දින පොත