Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පැරණි මානව ජනාවාසකරණය පිළිබඳ මෙතෙක් ගවේෂණය නොවූ අද්විතීය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස සැලකෙන ත්‍රිකුණාමලය පුරාවිද්‍යා කලාප අංක එකට අයත් රිදී කන්ද පුරාවිද්‍යා කලාපයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පල්ලවංක කුලම ඉපැරණි ජනාවාස සහිත පැරැණි වරායේ ගවේෂණ කටයුතු ආරම්භ කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි .

පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කිරීම මගින් ප්‍රකාශයට පත් කිරීමට හඳුනාගෙන ඇති මෙම යෝජිත වපසරිය තුළ පූර්ව ඓතිහාසික යුගයට අයත් බවට සැලකෙන (ක්‍රිස්තු පූර්ව දහස හා ක්‍රිස්තු පූර්ව හය වන සියවස දක්වා) වලං කැබලි, මැටි හා ඛනීජ වලින් සාදන ලද පබලු, යබොර (යකඩ) මෙහි දක්නට ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්.යූ. සුරංග පෙරේරා මහතා පැවසීය .

මීට අමතරව පැරණි මානවයන් මිහිදන් කළ මෙගලිතික සොහොන් තැනින් තැන ඇති බවකි සහකාර අධ්‍යක්ෂවරයා ලංකාවේ ඇති මෙගලිතික සොහොන් වලින් මෙම සොහොන් වෙන් වන්නේ වෘත්තාකාර පාෂාණ භාවිතා කර වෘත්තාකාර ලෙස සකස් කල සොහොන් වීම බවද කීහ. සෘජුකෝණාස්‍රාකාර මෙගලික සොහොන් පැරණි මානව ජනාවාස ගවේෂණය කරද්දී හමුවී ඇති අතර වෘත්තාකාර සොහොන් කොත් හමු වූ දෙවෙනි හෝ තුන්වෙනි අවස්ථාව මෙය බවට විශ්වාස කරන්නේ යැයි සහකාර අධ්‍යක්ෂවරයා කීහ .

ආරම්භ කර ඇති මෙම ගවේෂණ කටයුතු සඳහා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ඩී. තුසිත මැන්දිස්, කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය මංගල කටුගම්පල, පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන්ගේ විශේෂඥ සහාය ලබාගෙන මෙම ගවේෂණ කටයුතු සිදු කරගෙන යන බවද සහකාර අධ්‍යක්ෂවරයා තවදුරටත් කීහ .

ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.