Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එවකට කොග්ගල, ගෙවල් දහසකින් යුත් දැකුම්කලු ගම්මානයක් විය. පන්සල, ගුරැ ගෙදර, වෙද ගෙදර ඒ ගමේ වැදගත් තැන් විය. එනමුත් දෙවන ලෝක යුද සමයේ ඇති වූ කලබල හේතුවෙන් මෙහි ගම් වැසියන් වහා ඉවත් කොට දැමීමට බ්‍රිතාන්‍යයෝ උත්සුක වූහ. ඒ අනුව පැය විසි හතර ඇතුළත කොග්ගල ගමේ සියලුම ගෙවල් බිඳ දැමීම ඇරඹීය. ඒ 1942 වර්ෂයේදීය. අනතුරැව බ්‍රිතාන්‍යයන් විසින් ගමේ ගුවන් තොටක් හා හමුදා කඳවුරක් පිහිටුවන ලදි. හෙළයේ මහා ගත්කරැ මාර්ටින් වික්‍රමසිංහ මහතා උපන් නිවස තිබුණේ ද මෙම කොග්ගල නම් ගමේය. එම නිවසේ සොඳුරැ පෙනුමට එවකට සිටි සුදු නිලධාරිනියක් බෙහෙවින් ඇලුම් කළාය. එබැවින් ගමේ සියලු නිවාස විනාශ කළද  එම නිවස ඉතිරි විය. ඒ එම සුදු නිලධාරිනිය එය සිය නිල නිවස ලෙස යොදා ගත් හෙයිනි. ජාතියේ වාසනාවකට එම නිවස ඇයගේ සිත ගැනීම නිසා අනාගත ලෝකයට මිල කළ නොහැකි වටිනාකමකින් යුත් පුරාවස්තුවක් අදටත් ඉතිරි වී පවතී. 
ගිංපතලිය
එකල මෙම නිවස පිහිටි ඉඩම හැදින්වූයේ ගිංපතලිය නමිනි. කලක් ගත වීමෙන් පසු බ්‍රිතාන්‍ය හමුදා මෙම ඉඩමෙන් ඉවත්ව යාමෙන් පසු ඉඩම ලඳු කැලෑවකින් වැසී ගියේය. 1962 දී එවකට පැවති රජය මගින් නැවත මෙම කැලෑ එළි පෙහෙළි කර මෙම නිවස හා ඉඩම නැවත මාර්ටින් වික්‍රමසිංහයන්ට පවරා දී ඇත. අද එම ඉඩම හා නිවස ජාතික උරැමයක් වශයෙන් පවත්වා ගෙන යයි. ඒ මාටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසිනි. 
ජාතියේ උරැමයක් වන මෙම නිවසේ ඇති සියලු පුරාවස්තූන් අනාගත පරම්පරාවටත් දැක බලා ගැනීමට හැකි අන්දමින් අද මෙන් ඉදිරියටත් ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමකි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.