Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හිඟුරක්ගොඩ සිට කිලෝමීටර 25 ක් පමණ මැදිරිගිරිය නගරය දෙසට ගිය විට මෙම වටදාගෙය හමු වෙයි. මණ්ඩලගිරිය, මැදිරිගිරිය යන නම්වලින් මෙය හඳුන්වයි. වටදාගෙය තනා ඇත්තේ නොඋස් ස්වාභාවික ගල් කුළක් මතයි. වෘත්තාකාර හැඩැතිය. වටදාගෙයි වේදිකාව තනා ඇත්තේ ගඩොලිනි.

සෝපාන පන්තිය
වටදාගෙයට පිවිසීම සඳහා සෝපාන පන්තියකි. එට වටදාගෙයට ඊසාන දෙසින් පිහිටා ඇත. කොටස් දෙකකින් සමන්විතය. සෝපාන පන්තිය උසැතිය. දිගැතිය. පියගැටපෙළේ පහළම කොටසෙහි කළු ගලින් නිර්මාණය කරන ලද උළුවස්සක් ඇත. වටදාගෙයට ඇතුළු විය යුත්තේ මෙම උළුවස්සෙනි. පිටගැටපෙළේ ඉහළින්ම ඇති උස් පීඨ දෙකක් මත පුන්කලස් දෙකක් කැටයමට නගා ඇත. වටදාගෙයි මධ්‍යයේ කුඩා දාගැබකි. දාගැබ අඩි 5 ක් පමණ උසය. දාගැබේ පාදමේ විෂ්කම්භය අඩි 26 කි. දාගැබේ පාදමට හුණු ගල් අල්ලා ඇත. ඒ වටා අලංකාර කුලුනු හිස් සහිත ගල් කුලුනු වට තුනකි.

කුලුනු කැටයම්
කුලුනු අටපට්ටම් හැඩැතිය. කුලුනු හිස් පද්මාකාර හැඩැතිය. වාමන රෑ වලින් හා මාලා දාමයන්ගෙන් සරසා ඇත. වටදාගෙයි පිටතින් ඇති කුලුනු වටය අඩි 9 ක් බැගින් උස් වූ කණු 32 කින් යුක්තය. එම කුලුනු යාවෙන පරිදි ගල් ගරාදි වැටක් නිම කර ඇත. මෙම ගල් වැට උසින් අඩි 3 අඟල් 6 ක් පමණ වෙයි. අතිශය සිත් ගන්නා සුලු අංගයකි. මැද වටයේ අඩි 16 බැගින් උස් වූ කණු 20 කි. මැද කුලුනු වටයත් බාහිර කුලුනු වටයත් අතර සෑදූ පවුරකි. මෙම පවුර අඩි 1 අඟල් 9 උසින් යුතුය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.