Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බටදොඹ ලෙන

  • 2018-10-30 21:08:32
  • 0 Comments

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරැවිට නම් ග්‍රාමයේ පිහිටි ලෙනකි. මෙම ලෙන මෙරට ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ සාධක හමුවන ඉතා සුවිශේෂී ස්ථානයකි. ලෙන උස්කඳු පන්තියක දකුණු දිශාවට බරව පිහිටා ඇත. විශාල ගල්කුළක ස්වාභාවිකව සැකසී ඇත. ලෙනෙහි දිග අඩි 75 කි. උස අඩි 30 කි. පළල අඩි 15 ක් පමණ වේ. ලෙනෙහි විශාල කොටසක් එළිමහනට විවෘත වී ඇත. ක්‍රමිවක ඉහළ සිට පහළට ස්වාභාවිකව සෑදුණු කටාරම් රුසකි. අතීතයේ මෙම ලෙනේ බිත්තිවල ප්‍රාග් ඓතිහාසික මානවයා සිතුවම් ඇඳ තිබූ බවට සාධක හමුවී ඇත.
සාධක රුසක්
කලකට ඉහතදී මෙම ලෙනේ තැන්පත්ව පවතින පස් ස්තරයන් කැණීම් කර අධ්‍යයනයන්ට ලක්කර ඇත. මෙම පර්යේෂණයන් මගින් පුරාවිද්‍යාත්මක සාධක රුසක් අනාවරණය කරගැනීමට හැකිව තිබේ. බටදොඹ ලෙනෙන් හමුවූ මානව කොටස් &බලංගොඩ මානවයා* නමින් හඳුන්වන මානව පරම්පරාවකට අයත් වන බව සොයාගෙන තිබේ. බටදොඹ ලෙන විශාල වපසරියක ව්‍යාප්තව තිබීමෙන් නියත වශයෙන්ම න්‍යෂ්ටික පවුල් දෙකක්වත් රුඳෙන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති. ප්‍රාග් මානවයා ආහාරයට ගත් ගස් ගොළුබෙල්ලන්ගේ අවශේෂ කොටස් ද කැණීම්වල දී හමුවී ඇත. ලෙනේ ජීවත් වූ මානවයා ප්‍රධාන ආහාර ලෙස ශාක හා මාංස කොටස් ආහාරයට ගත් බවට කැණීම්වල දී තහවුරැ වී ඇත.
ලෙනෙන් හමුවී ඇති අකුරැවලින් මොවුන් ආහාර පුලුස්සා කෑමට ගෙන ඇති බව තහවුරැ වෙයි. කාබන් 14 කාල නිර්ණයට අනුව ලෙනේ තිබී හමුවූ මානව අස්ථි කොටස් අදින් වසර 16 000 ක් ඈතකට දිව යන බව තහවුරැ කරගෙන ඇත.

ඉහළ ජෛව විවිධත්වයක්
ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් අනූන මෙම ලෙන පිහිටි භූමිය ජල පෝෂක ප්‍රදේශයකි. ලෙන පිහිටි බිමෙහි පස ඉතා තද රතු පැහැයට හුරැය. වල්දෙල් හා පුවක් ගස් බෙල්ලන් බහුලව දැකිය හැකිය. ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා, ආචාර්ය ශිරාන් දැරණියගල හා ආචාර්ය ඩබ්ලිව්. එම්.විජයපාල යන පුරාවිද්‍යාඥයන් විසින් මෙම ලෙනේ කැනීම් කටයුතු සිදුකර ඇත.
ඓතිහාසික ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ ඉතා වැදගත් තොරතුරැ රුසක් අනාවරණය වී ඇති මෙවන් ජාතික උරැමයන් රුකගැනීම අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.