Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලෑව ග්‍රාම නිලධාරී වසමේ හත්තිකුච්චි විහාරය පිහිටා ඇත. කුරැණෑගල අනුරාධපුර පාරේ 43 වැනි සැතපුම් කණුව අසලින් වූ බටහිර පාරේ සැතපුම් තුනක් පමණ ගිය විට මෙම විහාරස්ථානය හමු වේ. මෙම භූමියේ අක්කර 300 ක් පමණ වූ ප්‍රදේශයක පුරාවිද්‍යාත්මක සාධක විසිරී පවතී. සිරිසඟ බෝ රජු හිස දන් දුන් ස්ථානය හත්ථිකුච්චි යැයි අදහසක් පවතී. මේ බව මහාවංශ ටීකාවේද සඳහන් වෙයි. අත්තනගල්ල ප්‍රදේශයේදී සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් බවටද අදහසක් පවතී. 
ලෙන් ලිපි
ක්‍රි. පූ 3 වන සියවසේ සිට ක්‍රි. ව 10 වන සියවස දක්වා වූ කාලය දක්වා හත්ථිකුච්චි විහාරය අඛණ්ඩව පැවති බවට සාධක ඇත. මෙහි පිහිටි ලෙන් වල ක්‍රි. පූ යුගයට අයත් ලෙන් ලිපි ගණනාවක් හමු වී ඇත. විහාරභූමිය තුළ ඇති සලාක පිළිබඳව හැඳින්වෙන ලිපි පර්වතයේ කොටා ඇත. ක්‍රි. ව දෙවැනි සියවසට අයත් ලිපියක මෙම විහාරය අතිතු(චි)  විහාරය යැයි හඳුන්වා ඇත. ක්‍රි. ව 9 වන සියවස දක්වා කාලයට අයත් ලිපි මෙම ස්ථානයෙන් හමු වී ඇත. 
වටදාගෙයක්
පළවන අග්ගබෝධි රජු මෙම භූමියේ ප්‍රාසාදයක් නිර්මාණය කොට ඇත. නව වන අග්ගබෝධි රජු මෙහි පැවති ප්‍රාසාදයක් සංරක්ෂණය කොට ඇත.  හත්ථිකුච්චි පුරාවිද්‍යාත්මක ස්ථානයේ පොහොය ගෙය, බුදු මැදුර, තෙමහල් ධාතු මන්දිරය, චෛත්‍ය ඕවලාකාර හැඩයෙන් යුත් ශාලාවක නටඹුන් හා උස් මාලකයක් මත කරවන ලද වටදාගෙයක් දක්නට ලැබේ. මෙම වටදාගෙය සහිත වේදිකාවට සිව් දිශාවකින් පිවිසිය හැකි ආකාරයට ප්‍රවේශ හතරකි. චෛත්‍යය වටා දැනට ශෛලමය කුලුනු කොටස් සලපතල මළුවෙහි ඇත. මෙම කුළුණු, වටදා ගේ ඉදිකිරීමට භාවිත කළ ඒවාය.


උපේක්ෂා මුණවීර
ඡායාරෑප - අනූෂ නානායක්කාර
තොරතුරැ - ටී. එම්. සී බණ්ඩාර මහතා
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ නිලධාරී 
 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.