පොලොන්නරැවේ විද්‍යාධර ගුහාව
- 2018-12-24 14:40:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොලොන්නරැ උත්තරාරාම භූමියේ ඇති ඓතිහාසික ස්ථාන අතරින් විද්‍යාධර ගුහාවට හිමි වන්නෙ අද්විතීය ස්ථානයකි. සිතුවම් ගැන මෙන්ම කැටයම් අතින්ද මෙය මහත් ප්‍රසිද්ධියක් උසුලයි. මේ ඒ පිළිබඳවයි.
විද්‍යාධර ගුහාව ගල් ගුහාවක් පරිද්දෙන් ඇතුළට හාරා සකස් කොට ඇත. මෙහි ඇති බුද්ධ ප්‍රතිමාව පොලොන්නරැ උත්තරාරාම භූමියේ ඇති අනෙක් ප්‍රතිමා හා සසඳන විට කුඩාය. අලංකාර නිර්මාණයකි. ගල් කුල ඇතුළට හාරා ගෙන යද්දී පිහිටි ගලෙන්ම බුද්ධ ප්‍රතිමාව මතු කර ගැනීමෙන් ශිල්පියාගේ දක්ෂතාව මනාවට පෙන්වයි. මෙම බුදුරැව අතීතයේ රන් ආලේප කොට තිබූ බවට ප්‍රතිමාවේ දැනට ඉතිරිව පවතින සලකුණු සාක්ෂි දරයි. බුදුරැව සමාධි ඉරියව්වෙන් වැඩ හිඳී. ප්‍රතිමාවේ ශීර්ෂයට ඉහළින් දක්වා ඇති ඡත්‍රය විසිතුරැය. ප්‍රතිමාව පිටුපසින් ඒ වටා අහස් කුස, දේව, බ්‍රහ්ම සමූහයා බුදුන්ට ගෞරව දක්වන අයුරින් කැටයම් කොට ඇත. එහි වම් පසින් ඇති ප්‍රධාන රැව බ්‍රහ්ම ලෙසද, දකුණු පසින් ඇති ප්‍රධාන රැව විෂ්ණු ලෙසද හඳුනා ගෙන ඇත. මෙම ප්‍රතිමාවෙන් බුදුන් බුද්ධත්වයට පත් වූ අවස්ථාව හෝ බුද්ධත්වයට පත් වීමෙන් අනතුරැව සමාපත්තියට සම වැදුණු අවස්ථාව නිරෑපණය වන බව වියතුන්ගේ අදහසයි.
සිතුවම්
මෙම ලෙන මුළුමනින්ම බිතුසිතුවමින් අලංකාර කර තිබුණද අද වන විට දැකිය හැක්කේ දෙපස බිත්ති කොනේ ශේෂව තිබෙන සිතුවම් කොටස් කිහිපයක් පමණි. 1817 මෙම සිතුවම් පිළිබඳව උනන්දුවක් දැක්වූ සර් ජෝන් මාෂල් විද්‍යාධර ගුහාවේ බිතුසිතුවම් වලින් අග්‍රගණ්‍ය සිතුවම් සම්ප්‍රදායක් පිළිබිඹු කරන බවත් එවැනි සිතුවම් පැරණි ඉන්දියාවෙන් පවා නොලැබෙන බවත් ප්‍රකාශ කොට ඇත. 1907 මෙම සිතුවම් අධ්‍යයනය කළ එච්. සී. පී බෙල් මහතා ප්‍රකාශ කර සිටින්නේ මෙම සිතුවම් අජන්තා සිතුවම් වලට වඩා උසස් කලාත්මක අගයකින් යුක්ත බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments