පොලොන්නරු උත්තරාරාමයේ බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වය
- 2018-12-19 14:17:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොලොන්නරැ රාජධානි අවධියේදී නිර්මාණය කෙරැණු බෞද්ධ මූර්ති අතුරින් ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා ඉතා වැදගත් තැනක් ගනී. මෙම සුවිසල් බුද්ධ ප්‍රතිමා දොළොස්වන සියවසට අයත් යැයි සැලකෙයි. පොලොන්නරැවේ රජකම් කළ මහා පරාක්‍රමබාහු රජු විසින් කරවන ලදැයි පිළිගැනෙයි.
තිරස් අතට විහිදී ගිය ගල් පර්වතයක ස්වාභාවික පිහිටීම උපයෝගී කරගනිමින් මෙම පිළිම නෙළා ඇත.
සමාධි ප්‍රතිමාව
ගල් කුළේ උසින් අඩු කොටසක් සමාධි බුද්ධ ප්‍රතිමාව නෙළීම සඳහා යොදා ගෙන ඇත. පිළිමයේ සම්පූර්ණ උස මීටර් 4.5 ක් පමණ වේ. පොලොන්නරැ ශිල්පියාට ආවේණිකවූ සමාන්තරව දිවෙන යුගල රේඛාවෙන් චීවරය සකස් වී ඇත.
බුදු රැව ධ්‍යාන මුද්‍රාවෙන් යුක්තය. වජ්‍රාසනාරෑඪව වීරාසන ක්‍රමයට වැඩ හිඳී. වැඩ හිඳින අසුනේ ඇති වජ්‍ර සංකේතය මඟින් මෙම ආසනය වජ්‍රාසනය බව පෙන්නුම් කරයි. ආසනය කොටස් වලට බෙදා අල්ප උන්නතව සිංහ රෑප හා වජ්‍ර රෑප කැටයම් කොට ඇත.
බුද්ධ ශීර්ෂය පිටුපස අශ්ව ලාඩමක හැඩය ගත් ප්‍රභා මණ්ඩලයකි. ඒ වටා තොරණක් බඳු අගනා කලාකෘති රුසකි. අද වන විට දක්නට ඇත්තේ විමාන සතරක් වුවද අතීතයේ එහි විමාන පහක් වූ බව සඳහන් වේ. මෙම විමාන තුළ හිඳි බුදු රෑ එක බැගින් කැටයම් කොට ඇත. මෙම බුදු රෑ වලින් මහායාන බුදු දහමේ එන පංච ධ්‍යානී බුද්ධ මණ්ඩලය නිරෑපණය වන බව කියැවේ. මේ ආකාරයෙන් මහායානික ලක්ෂණ පෙන්නුම් කරන මෙම බුද්ධ ප්‍රතිමාවට ඉන්දීය පල්ලව කලා ආභාසය ලැබී ඇති බව පැහැදිලිව පෙනෙයි.
හිටි ප්‍රතිමාව
හිටි බුද්ධ ප්‍රතිමාව උසින් අඩි 9යි අඟල් 22 ක් පමණ වෙයි. මෙම ප්‍රතිමාව වියතුන් අතර විවිධ මතභේදයට ලක්ව ඇත. අසල ඇති සැතපෙන බුද්ධ ප්‍රතිමාව මඟින් බුදුන් වහන්සේගේ පිරිනිවන් මංචකය සිහිපත් කරවන බවත් බුදුන්ගේ පිරිණිවන් පෑමෙන් සංවේගයට පත් ආනන්ද හිමියන් මෙමඟින් නිරෑපණය වන බවත් ඇතැමෙකුගේ අදහසයි. එහෙත් එම අදහස තරයේ ප්‍රතික්ෂේප කරන ඇතැම් වියතුන් පෙන්වා දෙන්නේ බුදු රැවක් හැර වෙනත් කිසිදු රැවක් පද්මාසනයක් මත වැඩහිඳින අයුරින් නිර්මාණය නොකරන බවයි.
සෙනරත් පරණවිතාන මහතාගේ මතය වන්නේ බුදුරජානන් වහන්සේ මහා කරැණාවෙන් යුක්තව වැඩහිඳින අයුරින් පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවෙන් යුතුව ප්‍රතිමාව නෙළා ඇති බවයි. මෙම මුද්‍රාව සහිත බුද්ධ ප්‍රතිමා දක්නට ලැබෙන්නේ ඉතා විරළ වශයෙනි. සිරැරේ බර වම් පාදයට දී දකුණු පාදය මඳක් ඉදිරියට යොමා සිටී.
සැතපෙන ප්‍රතිමාව
අඩි 46 ක් හා අඟල් 4 ක් දිගින් යුක්තය. මෙම ප්‍රතිමාවත් වියතුන් අතර කතාබහට ලක්වූ ප්‍රතිමාවකි. එනම් මෙය සැතපෙන ප්‍රතිමාවක්ද නැතහොත් පිරිනිවන් මංචකය දැක්වෙන ප්‍රතිමාවක්ද යන බවටයි.
හිස තබා ඇති කොට්ටය හිසෙහි බරට ඇළුණු ස්වරෑපයක් දක්වා තිබීමෙන් ශිල්පියාට මාධ්‍ය හැසිරවීම පිළිබඳව තිබූ දක්ෂතාව පෙන්නුම් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments