පොලොන්නරු රාජධානියේ පොකුණු
- 2019-01-07 13:15:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෙළ රජ දවසේ පොලොන්නරු රාජධානි සමයේ පැවති ශ්‍රී විභූතියට පොලොන්නරු භූමියේ ඉතිරිව පවතින නටබුන් අදටත් සාක්ෂි දරයි. මෙවර කලාපයෙන් ගෙන එන්නේ එවන් වූ ඉපැරණි පොකුණු ද්විත්වයක් ගැනයි.
නෙළුම් පොකුණ
දෙමළ මහා සෑයට හා තිවංක පිළිමගෙයට අතරමැද වම් පසින් මෙම අගනා පොකුණ පිහිටා ඇත. කුඩා වුවත් අසමසම නිර්මාණයක් වන මෙම පොකුණ පොලොන්නරැ ගල් වඩුවාගේ ශිල්පීය දක්ෂතාව මැනවින් පෙන්වයි. පොකුණ සම්පූර්ණ කළු ගලින් නිර්මාණය කර ඇත. විකසිත නෙළුම් මලක හැඩයට නිර්මාණය කර ඇති බැවින් මෙම පොකුණ නෙළුම් පොකුණ යනුවෙන් හඳුන්වයි. පොලොන්නරැවේ රාජ්‍ය මෙහෙයවූ පළමුවන මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදි කරන ලද ජේතවන සංඝාරාම භූමියේ එකල භික්ෂූන්ගේ පරිහරණය සඳහා මෙවැනි පොකුණු 8ක් නිර්මාණය කළ බව මහාවංශයේ සඳහන් වෙයි.
මෙහි ඉහළ සිට පහළට යන විට කුඩා වන නෙළුම් මල් පෙතිවල හැඩයට වේදිකා අටක් නිර්මාණය කර ඇත. ඔපමට්ටම් කරන ලද සෙල්පුවරැ එකිනෙකට සම්බන්ධ කර ඇත්තේ ඉතා සියුම් ලෙසයි.
කුමාර පොකුණ
පොලොන්නරැවේ ඇතුළු නුවර නැගෙනහිර සීමා ප්‍රාකාරයෙන් පිටත එම ප්රාකාරයටත් දිය අගලටත් අතරමැද ඇති තැනිතලා භූමියේ මෙම පොකුණ පිහිටා ඇත. චූලවංශයේ මෙම පොකුණ හඳුන්වා ඇත්තේ ශිලා පොක්ඛරණි ලෙසයි. රාජකීය පොකුණ ලෙසද මෙය හඳුන්වයි. පොකුණට බැසීමට පියගැටපෙළක් ඇත. සම්පූර්ණ කළු ගලින් පොකුණ සාදා ඇත. පහළ සිට ඉහළට යන විට කුඩා වන වෙදිකා තුනකින් යුක්තය. පොකුණ මධ්‍යයේ පද්මය. පොකුණට ජලය ලැබී ඇත්තේ රජ මාලිගයේ දිය අගලෙනි. රාජකීයන් ස්තානය කිරීම නිසා මෙම පොකුණට මෙම නම ලැබී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments