අකරගම ගුණදාස කණිෂ්ඨ විද්‍යාලයට නව බුදු මැදුරක්
- 2017-08-10 04:18:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අකරගම ගුණදාස කණිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකෙරුනු සම්බුද්ධ මන්දිරය මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මැද ඊයේ 3 උදේ සුබ මොහොතින් දිවුලපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එච්.එම්.ආර්. ජයපත්ම මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය
වසර හැටක් සම්පූර්ණ වන මෙම විදුහලේ පිවිසුම් දොරටුව අසල නව සම්බුද්ධ මන්දිරය ඉදි කරනු ලැබ ඇත්තේ විදුහල්පති නිමල් රූපසිංහ මහතාගේ මෙහෙයවීම මතය.
මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කරද්දී කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නව බුදු පිලිමය නිරාවරණය කර ප‍්‍රථම ප‍්‍රදීප පූජාව පවත්වනු ලැබීය. ප‍්‍රථම ගිලන්පස පූජාව මානෙල් විජේසිංහ ගුරු මහත්මිය අතින් සිදුවූ අතර විද්‍යාලයීය ශිෂ්‍ය නායක මලිත් සංදීප සිසුවා ඇතුලු සිසු නියමුවන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. පාසල් දරු පිරිස උවසු උවැසියන් සේ සැරසී සිටීම මනරම් දසුනක් විය.
අකරගම ස්වර්ණචේතියාරාම විහාරාධිපති අරලගංවිල සුධීර, අකරගම දේවාල ගොඩැල්ල ශෛලතලාරාම විහාරාධිපති ගොඩිගමුවේ විමලදේව , කොස්හේන ශී‍්‍ර විසුද්ධාරාම විහාරාධිපති අස්සැන්නවත්තේ රතන ජෝති යන හිමිවරුන්ද ප‍්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන්ද ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා , කොටදෙනියාව පොලිස් සථානාධිපති පොලිස් පරීක්ෂක ඞී.ඞී. වික‍්‍රමසිංහ මහතා ඇතුලූ විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments