Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නුගවෙල මැදි විදුහල් ආදි බොක්සිං සංගමයේ වාර්ෂික ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට සමගාමීව ලක්ෂ එක හමාරක වටිනාකමින් යුත් බොක්සිං උපකරණ කට්ටලයක් විද්‍යාලයට පිරිනැමීමට පසුගියදා කටයතු යෙදුණි.

දැනට එක්සත් රාජධානියේ පදිංචිව සිටින නුගවෙල මැදි විදුහල් ආදි සිසුන් 10 දෙනකුගේ මැදිහත්වීමෙන් මෙම උපකරණ තොගය විද්‍යාලයට පිරිනැමුණු අතර බොක්සිං ග්ලවුස් 14 ක් ,කෝචින් පෑඩ් එකක් සහ බර කිරන තරාදියක්ද මීට අන්තර්ගතව තිබිණි.

වැඩසටහන් සම්බන්ධීකාරක අයේෂ් ගුණවර්ධන මහතා අතින් විදුහල්පතිනී හසන්තී රාජගුරු මහත්මියට උපකරණ කට්ටලය පිරිනැමුණු අතර විද්‍යාලයීය ආදි බොක්සිං සංගමය නියෝජනය කරමින් ගලහ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප සුගත් විජේසිංහ, ප්‍රසාද් බස්නායක, භාතිය ප්‍රේමරත්න සහ පුහුණුකරු ඉමේෂ් අබේවික්‍රම යන මහත්වරුන් සමග විද්‍යාලයීය බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවෝද මෙම අවස්ථාවට එක්වූහ .

අමිල දොළපිහිල්ල

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.