Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ දක්ෂතාවයන් එළිදැක්වීමේ අරමුණෙන් සංවිධානය කළ, "ප්‍රභාෂ්වර 2025" සෞන්දර්ය ප්‍රසංගය, පාදුක්ක සිරි පියරතන මහා විද්‍යාලයීය රංග ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි. විදුහලේ 1 සිට 5 දක්වා ශ්‍රේණිවල සිසු සිසුවියෝ එක්ව මෙම සෞන්දර්ය ප්‍රසංග යේදී, සිංහල, ඉංග්‍රීසි , සහ දමිළ භාෂාවෙන්, ගීත ගායනා කරමින්සහ නර්තන ඉදිරිපත් කරමින්, තම දක්ෂතාව ප්‍රදර්ශනය කළහ.. විදුහල්පති එම්.එන්.බණ්ඩාර මහතාගේ මග පෙන්වීම යටතේ ප්‍රසංගය සංවිධානය කෙරුණි. මෙහිදී 2024 සහ 2025 වර්ෂවල ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම සමත් සිසුවියන්ට ත්‍යාග සහ සහතික ප්‍රධානය කිරීම, හෝමාගම කලාප අධ්‍යාපන හේමන්ත ගමගේ මහතා ඇතුළු ආරාධිත අමුත්තන් විසින් සිදු කෙරුණි.

එම අවස්ථාවට හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ මහතා ඇතුළු අධ්‍යාපන අධ්‍යක්ෂ , විදුහලේ නියෝජ්‍ය විදුහල්පති එල්. බුලත්සිංහල මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයද, අනධ්‍යයන කාර්ය මණ්ඩලයද, හිටපු විදුහල්පතිවරුන් සහ ආචාර්ය මණ්ඩලයද, අවට පාසල් වල විදුහල්පතිවරුද, ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික සාමාජිකාවෝද, සිසු සිසුවියෝද, මවුපියෝද සහභාගි වූහ. පාදුක්ක විශේෂ නිහාල් වෙත්තසිංහ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.