ඉමදූව පුනරුද සාහිත්‍ය සැමරුම දා
- 2026-01-07 15:06:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික කියවීමේ මාසය මූලික කරගනිමින්, ඉමදුව ප්‍රාදේශීය සභාව, පුස්තකාල උපදේශක කමිටුව හා පාඨක සමාජ එක්ව සංවිධානය කළ "පුනරුද සාහිත්‍ය සැමරුම ධීවර හා ජලජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉමදූව ප්‍රාදේශීය සභා බහුකාර්ය ශ්‍රවණාගාරයේදී පසුගිය දා පැවැත්වුණි.
පුස්තකාල පාඨක සමාජවල දරු දැරියන් රැසකගේ විචිත්‍රවත් කලා කුසලතා එළි දැක්වීම මෙහිදී සිදුවු අතර,අන්තර් පුස්තකාලයීය විවාද තරගාවලියේ අවසන් මහා තරගය එහිදී පැවැත්වුණි. එහිදී ඉමදුව පුස්තකාල විවාද කණ්ඩායම ශුරතාවය හිමිකර ගැනීමට සමත් වු අතර, තිත්තගල්ල පුස්තකාල විවාද කණ්ඩායම අනුශුරයින් බවට පත්විය.
තරග ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සුරතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ඉමදූව ප්‍රාදේශීය සභා සභාපති ලහිරු හෙට්ටිආරච්චි, ගරු උපසභාපතිනි නිශාධා කල්පනී ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීතුමන්ලා, ඉමදූව ප්‍රා.සභා ලේකම් කෞශල්‍යා ගුණසේකර, ඉමදුව ප්‍රාදේශීය සභා හිටපු පුස්තකාලයාධිපතිනී ධම්මිකා, පුස්තකාලයාධිපතිනි ගීතිකා අබේසිංහ යන මහත්මීහු, ප්‍රජා සංවර්ධන නිලධාරි අමිල හේමාල් මහතා ප්‍රමුඛ පුස්තකාල කාර්ය මණ්ඩලය මෙය සංවිධානය කර තිබුණි.
හබරාදුව - ඩබ්ලිව්.එල්. අනුර ප්‍රියන්ත



Reply To:
Name - Reply Comment
0 Comments