අනෝරා වැස්සෙත් වැඩේ අත් නොහැරිය ආනන්දයේ දරුවෝ
- 2019-02-11 11:52:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මතුගම ආනන්ද ශාස්ත්‍රිල ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රිඩා උළෙල මතුගම මහජන ක්‍රිඩා පිටියේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට විද්‍යාලයේ සියලූම දෙනා එකමුතුවෙන් කටයුතු කළේය.
මතුගම කලාප අධ්‍යාපන අධයක්ෂ ලාල් දිසානායක මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සඳහා වෙඩි තැබීමේ ක්‍රිඩාවේ ජාත්‍යන්තර විනිසුරු සහ පදක්කම් ලාභී විනිසුරු ඩන්කන් ප්‍රසන්න රත්නායක මහාතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් විය.
ධාරාණිපාතිකව ඇද හැළුණු වැසි ගණනකටවත් නොගෙන සිසු දරු දැරියන් ක්‍රීඩා අංග සහ සමාරම්භක උළෙලට අදාල සියළුම ඉදිරිපත් කිරීම් සිදු කළ අතර විද්‍යාලයේ විදුහල්පති රන්දුන් ජයලත් මහතා සිය පිළිගැනීමේ කතාව පුරාම ඒ සඳහා දරුවන් හට ස්තූතිය පුද කළේය.
ඒ අනුව ජීවිතයේ ඉදිරි ගමණට එන සෑම භාධකයක්ම ආශිර්වාදයක් කර ගන්නා අයුරු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උදාහරණ පෙන්වා දුන් ආනන්දයේ දරුවන් අවට පාසල් සැමට ද එය ආදර්ශයක් බව මෙහිදි විදුහල්පතිවරයා පෙන්වා දුන්නේය.
ආනන්ද ප්‍රථමික විද්‍යාලයේ දරුවන්ගේ ද සහභාගීත්වයෙන් විද්‍යාලයේ වාද්‍ය අංශයේ අළංකාර තූර්ය වාද්‍ය අංගයකින් සහ දර්ශණීය සංස්කෘතික නර්ථන අංග රැසකින් උළෙල හැඩවු අතර මතුගම කලාපයේ ක්‍රිඩා අධ්‍යක්ෂ දීප්ති සමරණායක, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අජිත් වික්‍රමආරච්චි, ඇතුළු කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ අවට පාසල් වල විදුහල්පත්වරු රැසක් මේ සඳහා එක්ව සිටියහ.
අනුර, තිස්ස, විජිත, රෝහණ, යන නිවාස හතරකින් සිසු දරුවෝ මේ සඳහා තරඟ වැද සිටිය අතර සමස්ථ ශූරතාව දිනා ගනිමින් අනුර නිවාසය 2019 වසරේ නිවාසාන්තර ජය ලබාගත්තේය.
Reply To:
Name - Reply Comment
0 Comments