Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

“ගුණ යහපත්කම් දන්නෙ නැති, මවුපියන්ට වැඩිහිටියන්ට ගරැ කරන්නෙ නැති රොබෝවරැ වැනි දරැවන්ගෙන් ඇති වැඩක් නැහැ. තරගකාරී අධ්‍යාපන රටාව තුළ අද පාසල්වලින් බිහිවෙන්නේ එවන් දරැ පිරිසකුයි. ගුණ යහපත්කම් ගැන දන්න මනා හික්මීමක් සහිත හොඳ හදවතක් සහ මොළයක් තියෙන දරැවන් හදාගන්න අවශ්‍ය නම් සෑම දරැවෙකුම දහම් අධ්‍යාපනයට යොමු කළ යුතුයි. 
හික්කඩුව දකුණු ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී තංගල්ලේ අනුරැද්ධ හිමියෝ බූස්ස මහ හෑගොඩ ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථ ශ්‍රී සුමනතිස්ස දහම් පාසලේ 67 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ අනුශාසනාවක් සිදු කරමින් එසේ පැවසූහ.
විහාරාධිපති සහ ගිංතොට මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති හෑගොඩ අස්සජි හිමියන්ගේ අනුශාසනා පරිදි දහම් පාසල් ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කළහ. එහිදී තවදුරටත් අදහස් පළකර සිටි අනුරැද්ධ හිමියෝ මෙසේද පැවසූහ.
“ අතීතයේ පටන්ම අපේ රටේ සංස්කෘතිය සභ්‍යත්වය හා ශිෂ්ටාචාරය මැනවින් ගොඩනැගුණේ දහම් අධ්‍යාපනය තුළිනුයි. දරැවෙකු දහම් පාසලකට එවන්න ඕන අකුරැවලින් පොත් පුරවගෙන යන්න නෙවෙයි. යන එන හැටි, තැනක හැසිරෙන හැටි, කතාබහ කරන හැටි, වැඩිහිටියන්ට ගරැකරන හැටි ඒ හැම දෙයක්ම කියලා දෙන්නෙ දහම් පාසලෙන්. 
බොපේ - පෝද්දල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උක්වත්තේ චන්දිම හිමියෝ ද මෙහිදී අනුශාසනාවක් පැවැත්වූහ. නියාගම ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් රසික කුමාර, ගිංතොට මහා විද්‍යාලයේ විදුහල්පති රංජිත් තිලකරත්න, නියෝජ්‍ය විදුහල්පතිනි අමිතා රාජකරැණා යන මහත්මීන් අතින් සිසුන්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීම සිදුවිය. 
(රත්ගම ගාමිණී මහදුර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.