අම්පාර ප්‍රජා පොලිස් ඒකකයෙන් පාසල් සිසුන්ට පිහිනුම් පුහුණුවක්
- 2018-04-03 11:15:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්පාර මුලස්ථාන පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය මගින් අම්පාර දිස්ත්‍රික්කයේ පාසල්වල සිසුන් සඳහා පිහිනීමේ පුහුණු වැඩසටහන් ආරම්භ කර තිබේ.
ඒ අනුව අම්පාර පොල්වත්ත මහා විදුහලේ සිසුන් 50 දෙනෙකු පුහුණුකරවීම අම්පාර අපි ඔලුව වැවේදි පසුගියදා ආරම්භ කෙරැණි. අම්පාර පොලිස් පිහිනුම් ඒකකයේ නිලධාරින් මේ සඳහා සහාභාගි වෙන බව අම්පාර ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රරත්න සතරසිංහ මහතා පැවසීය.
මෙම සිසුන්ට මූලික පිහිනුම් පුහුණුව, ජීවිතාරක්ෂක පුහුණුව සහ ප්‍රථමාධාර පුහුණුව ලබාදෙන අතර පුහුණුවෙන් පසු සහතිකයක් දීමටද කටයුතු කෙරේ. අනෙක් පාසල් සිසුන් පුහුණු කිරීමේදි පුහුණුව ලැබූ සිසුන් ගේ සහයෝගය ද ලබාගෙන විදුහලේ සියලුම සිසුන්ට පුහුණුව ලබාදීමට සැලසුම් කර තිබේ. අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් මත මෙම කාර්ය සිදුකෙරේ.
(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
Reply To:
Name - Reply Comment
0 Comments