අම්බලන්ගොඩ ධර්මාශෝකයේ ජිත්මිණගේ සිතුවම ජපන් දින දර්ශනය හැඩකරයි
- 2018-06-08 15:00:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ජිත්මිණ අමල්ජිත් ශිෂ්‍යයා ඇඳි සිතුවමක් මේ වසරේ ජපානයේ දින දර්ශන සඳහා තෝරාගෙන ඇත .
එමෙන්ම ඔහුට එම සිතුවම සඳහා ජපන් රට විසින් රිදී පදක්කමක්ද පිරිනමා තිබේ.
ජපානයේ කුමමොතෝ යුනෙස්කෝ ආයතනය හා ශ්‍රී ලංකාවේ ළමා කලා ශාලිකාව මගින් මෙහෙයවූ අයි ලව් ශ්‍රී ලංකා ජාත්‍යන්තර චිත්‍ර තරගයට ජිත්මිණ විසින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විදහා දැක්වෙන අවස්ථාවක් ලෙස වෙස් මුහුණක් නිර්මාණය කරන අයුරැ නගන ලද සිතුවමට මේ ජයග්‍රහණ හිමිවී ඇත.
මේ සිතුවම් තරගාවලියට ලංකාවෙන් සිතුවම් 4723ක් ඉදිරිපත්කර තිබූ අතර ඒ අතරින් ජිත්මිණට මේ ජයග්‍රහණය හිමිව තිබේ.
ඔහුගේ චිත්‍ර ආචාර්යවරැන් ලෙස චන්ද්‍රිකා ගෝතමී සිරිවර්ධන මහත්මිය හා පණ්ඩුල ලොකුගේ මහතා කටයුතු කරති.
ජිත්මිණට ජය ගෙනා සිතුවම හා ඒ සඳහා ඔහුට ජපානයෙන් ලැබුණ රිදී පදක්කම සහ සහතික පත්‍රය සමග ඡායාරෑපයකට පෙනීසිටි අයුරැයි මේ .
( කරන්දෙණිය එම.සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments