අඹකඩවර මහා විද්‍යාලයේ පරිසර නියමුවන්ට පදක්කම්
- 2018-06-12 18:27:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයට අයත් අඹකඩවර මහා විද්‍යාලයේ පරිසර නියමුවන්ට පදක්කම් පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයේදී පසුගිය දා පැවැත්වුණි. එම විද්‍යාලයේ විදුහල්පති ඩබ්. ඒ. සුනිල් විජේසිංහ මහතාගේ උපදෙස් මත විද්‍යාලයේ පරිසර නියමු කණ්ඩායම බාර ආචාරිනී එල්.ආර්.ඩී. ලියනගේ මහත්මිය මෙම උත්සවය සංවිධානය කළාය. විද්‍යාලයේ පරිසර නියමු කණ්ඩාමේ සිසුන් 25 දෙනෙකුට මෙදින පදක්කම් පැලඳවීම සිදු කෙරැණි. වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයේ පරිසර නියමු කොමසාරිස් ඒ.ඒ.අයි. හේමලතා මහත්මිය හා මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධිකාරී එච්. එම්. එන්. ටී. හේරත් මහතා මෙම අවස්ථාවට එක් වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments