අල්ගම මැදගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට නවක සිසුන් පැමිණිය දා...
- 2018-04-24 22:29:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෑගල්ල වරකාපොළ අධ්‍යාපන කොට්ඨාසයේ අල්ගම මැදගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට 2018 වර්ෂය සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනීීමේ උත්සවය පසුගියදා වරකාපොළ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂක එච්. විමල් දයාරත්න මහතාගේ උපදෙස් මත විද්‍යාලයේදී පැවැත්වුණි.
විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ සිසු සිසුවියන් විසින් නවක සිසු සිසුවියන් පිළිගෙන විද්‍යාලයට කැඳවාගෙන එනු ලැබූ අතර ගායන, වාදන හා නර්තන අංග ඇතුළත් ප්‍රසංගයකින් නවක සිසු සිසුවියන් පිළිගැනුණි.
විදුහල්පති එස්. ඒ. උපුල් වීරවර්ධන මහතා විසින් සිසුන් ඇතුළත් කිරීම සිදුකළ අතර සහකාර ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා හිමාලි තෙන්නකෝන්, ප්‍රාථමික ගුරැ උපදේශිකා නාලනි කුසුමලතා, සමනල පෙරපාසල් පාලිකා සිරිමා රාමනායක මහත්මීන් ඇතුළු මවුපියෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
(සුමති කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments