අ.පො.ස. උසස් පෙළින් කුරැණෑගලින් මුල් තැන දිනූ කේශිණිට උපහාර තිළිණ
- 2018-11-26 16:03:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉකුත් වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් කුරැණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලබාගත් පළමුවැන්නිය ලෙස සාමාර්ථය ලැබූ කුරැණෑගල ශූද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ ඩබ්ලිව්. කේශිණී නුවන්තිකා බොතේජු සිසුවියගේ දක්ෂතාව අගයා ඇයට උපහාර තිළිණ පිරිනැමීම කුලියාපිටිය මහජන බැංකුවේ පැවති උත්සවයක දී සිදු කෙරැණි.
කුලියාපිටිය සුරදූත බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවක වන කේශිණී නුවන්තිකා 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව ඇත්තේ ද එම විදුහලෙනි.කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් ජී.පී.එස්.ජේ. ද සොයිසා (දකුණේ) කුලියාපිටිය මහජන බැංකු කළමනාකාර අසිත ධනවල විතාන යන මහත්වරැන් කේශිණී නුවන්තිකා සිසුවියට උපහාර තිළිණ පිරිනැමූ අවස්ථාව.
(කුලියාපිටිය - චාමර විමලරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments