අ.පො.ස සාපෙළින් කළුතරින් මුල්තැන දිනූ සෞම්‍යා ඇගයේ
- 2019-01-21 13:37:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගිය වසරේ පැවැති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ තෙවැනි ස්ථානයත්, කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ද හිමිකර ගත් පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ සෞම්‍යා සෙව්මිණි රණසිංහ සිසුවිය විශේෂ ඇගයීමට ලක් කිරීමක් පසුගියදා සිදුකෙරිණි.
කළුතර දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රුස්වීමේ දී මෙසේ ඇයව ඇගයීමට ලක් කෙරිණි. විවිධ ආයතන මගින් ඇය වෙනුවෙන් ලබාදුන් ශිෂ්‍යත්ව හා තිළිණ ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.
එහිදී කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති වරාය හා නාවුක කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඇයට තිළින ප්‍රදානය කළ ආකාරය ඡායාරෑපයෙන් දැක්වේ.
ජාතික ඒකාබද්ධතා ඇමති මනෝ ගනේෂන්, කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම හා කළුතර දිසා ලේකම් යු.ඩී.සී.ජයලාල් යන මහත්වරැ ද ඡායාරෑපයේ වෙති.
(කළුතර සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments