ආනන්ද ශාස්ත්‍රාලයේ නවක බාලදක්ෂිකාවෝ නිල ලාංඡන පළඳිති
- 2017-03-24 00:27:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්තලංකා පාසල් බාලදක්ෂිකා කණ්ඩායමට තවත් නවක පෙළ බාළ දක්ෂිකාවන් පිරිසක් එක් වෙමින් මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ බාලිකාවන් පනස් දෙනකු පසුගියදා නිල ලාංඡන පළදමින් දිවුරුම් දුන්නේය.
අරලිය, නිල්මානෙල්, රෝස , ඕකිඩ් , සූරියකාන්ත,නෙළුම් යන කණ්ඩායම් වලින් මෙහිදි බාලිකාවන් පෙළ ගස්වා තිබූ අතර බලදක්ෂිකා පළාත් කොමසාරිසාරිස්වරිය වන ශ්‍යාමා තිලකරත්න මහත්මිය සහ කලාප බාලදක්ෂිකා කොමසාරිස්වරිය වන රමණි වික්‍රමනායක මහත්මින්ගේ ප්‍රධානත්වයෙන්උත්සවය පැවත්විණි .
ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති රන්දුණු ජයලත් මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය විදුහල්පතිනී මනෝරි ධර්මරතනප්‍රිය මහත්මියගේ ද සහභාගීත්වයෙන් පැවතිමෙහිදී බාලිකාවන් විවිධාංග රැසක් එක් කරමින් උත්සවය හැඩ කළේය.
බාලදක්ෂිකා කණ්ඩායම්භාර ආචාරිණි චතුරිකා හපුගොඩ, තරංගා ලක්මිණි, අයේෂා මීමැඩුම යන මහත්මින් විසින් කටයුතු සංවිධානය කර තිබුණි.
================
(විශ්ව ගැමුණු ප්‍රියංකර)
Reply To:
Name - Reply Comment
0 Comments