Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දැක්මකට අනුව විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වන අරැණැල්ලක ප්‍රභාස්වර පරිසර හා චාර්යා සංවර්ධනය නායකත්ව තෙදින කඳවුරැ මාලාවේ හාරසීය වැනි කඳවුර සහ සැමරැම් වැඩසටහන පන්නිපිටිය නැගෙනහිර ඇරුව්වල ධර්මපාල මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී මෙම කඳවුරැ මාලාවට දායකත්වය සැපයූ පුද්ගලයන් රුසකට සම්මාන පිරිනැමීම ද සිදුවීය.
මෙම අවස්ථාවට මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන එහි උප සභාපති අරැණ ගුණසේකර, සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක, විජය ළමා පුවත්පතේ කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය, විද්‍යාලයේ විදුහල්පතිනි එස්.එම්.ජී.කේ.සෙනවිරත්න යන මහත්ම මහත්මීහූ ඇතුළු රුසක් සහභාගි වූහ.
මෙවර කඳවුර සඳහා ද දරැ දැරියෝ 70 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූහ. ප්‍රවීණ ජනමාධ්‍යවේදී නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා විසින් මෙවර කඳවුර මෙහෙයවීය.
(රැෂිරැ තරංග)

 

 

 

 

 

.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.