ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමෙන් ඕනෑම අයෙකුට මුළු ලෝකයම ජයගත හැකියි - නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඕ.
- 2018-09-21 14:49:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමෙන් ඕනෑම අයෙකුට මුළු ලෝකයම ජයගත හැකි බැවින් සිසුන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි තංගල්ල අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන සංවර්ධන සහ ප්‍රාථමික විෂය බාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඕ.පී.ජී. නිලානි මහත්මිය පැවසුවාය.
ඇය මේ බව ප්‍රකාශ කළේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අඟුණකොළපෑලැස්ස අබේසේකරගම කනිටු විදුහලෙන් ඉදිරිපත් වී ඉන් විශිෂ්ට ලෙස සමත් වූ සිසු සිසුවියන් ඇගයීම සඳහා විදුහල් ශාලාවේදී පසුගියදා පැවති උත්සවය අමතමිනි.
ඉංග්‍රීසි අමාරැ විෂයක් සේ සලකා එය ඉගෙන ගැනීමට මැළිකමක් දක්වනවා. සමහර සිසුන් පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් පසු ඉංග්‍රීසි භාෂාවේ ඇති වටිනාකම තේරැම්ගෙන පසුව ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පෙලෙඹෙනවා. ආශාවෙන් සහ විනෝදයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ඉංග්‍රීසි තරම් රසවත් විෂයක් තවත් නැහැ. සිසුන්ට රසවත් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමට ගුරැවරයා වැඩි අවධානයක් යොමුකළ යුතුයි.
ඉංග්‍රීසි අධ්‍යාපනය කුඩා කාලයේ දී සිටම ලැබිය යුතු දෙයක්. එය අපට විදේශීය භාෂාවක් නිසා විෂයක් විදියට වඩා භාෂාවක් විදියට ඉගෙනගත යුතුයි. ඒ නිසා සිසුන් පන්ති කාමරයේ දීත් ඉන් පිටතදීත් හැකි තරම් ඉංග්‍රීසි භාෂාව භාවිත කළ යුතුයි. ඒ සඳහා සිසුන් පෙලඹවීම ගුරැවරැන්ගේ වගකීමක්.*
මෙම අවස්ථාවට සමනලගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ආර්.ඩබ්ලිව් .පියදාස මහතාද සහභාගීවී සිටියේය.
(කසාගල- අශෝක තිලකරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments