ඉනෝවා මයින්ඩ්ස් නව නිපැයුම් තරගාවලියේ රන්පදක්කම ශ්‍රී ලංකාවට
- 2018-08-23 11:08:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරියාවේ සෝල් නුවර පැවති ඉනෝවා මයින්ඩ්ස් (Innova Minds) 2017 ජාත්‍යන්තර නව නිපැයුම් තරගාවලියේ දී රටවල් 38 ක නව නිර්මාණ අතරින් රන් පදක්කම ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන එස්.ඒ.මනුෂ කෝසල සිසුවාගේ නායකත්වයෙන් යුත් මෙරට සිසුන් සිව් දෙනෙකුට හිමිව ඇත.
මෙම ජාත්‍යන්තර තරගය සඳහා ඔවුන් කැළිකසළවලින් ගඩොල් නිපදවිය හැකි යන්ත්‍රයක ආකෘතියක් ඉදිරිපත් කර තිබුණි. මනුෂ කෝසල සිසුවා නව නිපැයුම් කරැවන්ගේ කොමිසම මගින් පවත්වනු ලැබූ 2017 සහසක් නිපැයුම් තරගාවලියට පරිසර හිතකාමී සහ ලාභදායී ජල පෙරණයක් ඉදිරිපත් කර තිබුණි. එම නිර්මාණය හොඳම නිර්මාණ 7 අතරට තේරී පත්වීම නිසා එම ජාත්‍යන්තර තරගයට ඉදිරිපත් වීමට ඔහු ඇතුළු මෙරට සිසුන් සිව් දෙනෙකුට අවස්ථාව උදාවී තිබුණි.
ඉවත දමන ලද තීන්ත බාස්කට් එකක්, කුඩා ෆෑන් එකක් සවිකළ මෝටරයක්, පරිගණකයකින් ෆෑන් එකක්, ජල කරාමයක්, පොල්කටු අඟුරැ, ගඟේ වැලි සහ මුහුදු වැලි යොදාගෙන රැපියල් 750.00 ක පමණ මුදලකින් මෙම ජල පෙරණය නිර්මාණය කර ඇත. එමගින් ජලයේ දියවී ඇති ක්ලෝරීන් ඇතුළු සියලු රසායනික ද්‍රව්‍ය සහ ආසනික්, කැඩ්මියම් ආදි අහිතකර බැරලෝහ ඉවත් කර 98෴ ක් පිරිසුදු ජලය ලබාගත හැක. මෙම ජල පෙරණයට කෝසල සිසුවා පේටන්ට් බලපත්‍රයක් ද ලබාගෙන ඇත.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments