Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පල සපිරි පාසලක්  සබරගමුව පළාත් පාසල් ඇගයීම් තරගාවලියේ දී 2017, 2018 ප්‍රාථමික පාසල් රන් සම්මානය කෑගල්ල අධ්‍යාපන කලාප කාර්යාලයට අයත් උඩම්බා සියඹලාපිටිය ප්‍රාථමික විද්‍යාලයට හිමිවූ බව එහි විදුහල්පතිනි පුෂ්පා නේරංජනා පතිරණ මහත්මිය පසුගියදා පැවසීය.
සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම ඇගයීම් උලෙළ රත්නපුර පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාෂල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.
එහිදි පළාතේ පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50 වැඩි පාසල් කාණ්ඩයේ රන් සම්මානය උඩම්බා සියඹලාපිටිය ප්‍රාථමික විද්‍යාලයට පිරිනමා තිබුණි. 2015,2016 වර්ෂවලදී ද මෙම විද්‍යාලය රිදී සම්මානය ද හිමිකරගෙන තිබුණි. දැනට මෙම විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 232 අධ්‍යාපනය ලබන අතර, ගුරැ මහත්ම මහත්මීහු 09 දෙනෙක් සේවය කරති. 
විදුහල්පතිනි පුෂ්පා නේරංජනා පතිරණ මහත්මිය රන් සම්මානය අතැතිව සිය ආචාර්ය මණ්ඩලය සමග සමූහ ඡායාරෑපයක සිටි අයුරැ මෙහි දැක්වේ.
(දමුණූපොළ -  චමින්ද ජයලත්)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.