උඩවෙල මහා විද්‍යාලයෙන් වනපසමල්
- 2018-12-21 09:41:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බදුල්ල අධ්‍යාපන කලාපයට අයත් උඩවෙල මහා විද්‍යාලයේ දරැ දැරියන්ගේ හා ගුරැ මණ්ඩලයේ ලේඛන හා නිර්මාණාත්මක හැකියාවන් වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව එළි දක්වන ලද වන පස මල්‘ ශාස්ත්‍රීය සංග්‍රහයේ මංගල කලාපය එළි දැක්වීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධාත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.
උඩවෙල මහා විද්‍යාලයේ විදුහල්පති සිරිල් අත්තනායක මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත විද්‍යාලයීය ගුරැ මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උත්සවය සංවිධානය කළහ.
මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා අතින් වන පස මල් ග්‍රන්ථයට උසස් නිර්මාණ ඉදිරිපත් කළ සිසුන්ට හා ගුරැවරැන්ට ත්‍යාග පිරිනැමීමද සිදුවිය.
වන පසමල් දොරට වැඩීමේ උත්සවයට සමගාමීව විද්‍යාලයීය සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් විශේෂ නර්තන ප්‍රසංගයක්ද පැවැත්වුණි.
මෙම අවස්ථාවට ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්යද අඹන්වල බදුල්ල කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂක ආර්. එම්. ප්‍රේමදාස ,අවට පාසල්වල විදුහල්පතිවරැ, ගුරැවරැ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

(වියලුව වාර්තාකරැ නිශාන්ත කුමාර )
Reply To:
Name - Reply Comment
0 Comments