උසස් පෙළ ජයගත් දිරිය දරැවෝ
- 2018-01-26 19:40:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූයේ ඉකුත් දෙසැම්බර් මස අගදීය. ඉන් සමහරැ සමත්වී සිටියහ. සමහරැ අසමත් වී සිටියහ. අප මේ කීමට උත්හාස කරනුයේ උපතින්ම අත්පා අහිමිව සිටියදීත් උසස් පෙළ ඉහළින් සමත්වූ දිරිය දරැවන් දෙදෙනකු පිළිබඳවය.
මේ කළුතර කටුකුරැන්ද මාක් ශ්‍රී සරණ සේවා ආයතනයේ සේවා ලබන උපතින්ම දෑත් අහිමි දුලාංජලී ආරියතිලක සහ උපතින්ම පාද අහිමි චමීර ගයාෂාන්ය.
දෙඅත් අහිමි වුවද කකුලෙන් අකුරැ කරන දුලාංජලී මෙවර උසස් පෙළ විභාගය සමත් වුයේ ඉතිහාසය සහ ක්‍රිස්තු ධර්මය යන විෂයන්ට &ඒ* සාමාර්ථ සහ ජන සන්නිවේදනය විෂයට &බී* සාමාර්ථයක් ලබා ගනිමිනි.
ඊට අමතරව උසස් පෙළ ඉංග්‍රීසි විෂයට ද ඇය &ඒ* සාමාර්ථයක් ලබා සිටියි.
දුලාංජලී කකුලෙන් අකුරැ ලියන්නට මෙන්ම ඇවිද යා නොහැකි කුඩා දෙපයින් පරිගණකය සහ ජංගම දුරකථනය හැසිරවීමට ද සමත්ය.
දුලාංජලී තවත් බොහෝ දේට දක්ෂය. සෝමරත්න දිසානායක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද &සමනල තටු* චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑවේ ද දුලාංජලීය.
උපතින්ම දෙපා අහිමි චමීර ගයාෂාන් මෙවර උසස් පෙළ විභාගය සමත්වී සිටිනුයේ ක්‍රිස්තු ධර්මය විෂයට &බී* සාමාර්ථයක් ද සිංහල, ජන සන්නිවේදනය යන විෂයන්ට &සී* සාමාර්ථද ලබා ගනිමිනි.
චමීර වයලීන වාදනයට ද දක්ෂයෙකි. එමෙන්ම ඔහු කටුකුරැන්ද දහම් පාසලේ ගුරැවරයෙකි.
පැතුම් මාරියෝ, තිරන්දි හෙසායා, චන්න මිහිරංග ඇතුළු තවත් අත් පා අහිමි එහෙත් අති දක්ෂ සොයුරැ සොයුරියන් සමග ඔවුහු මාක් ශ්‍රී සරණ සේවා නිවහනේ සතුටින් කල් ගත කරති.
මාක් ශ්‍රී සරණ සේවයේ නිර්මාතෘ රීටා පෙරේරා මහත්මිය, එහි හිටපු අධ්‍යක්ෂ ගරැ ජූලියන් තිසේරා පියතුමා, වත්මන් අධ්‍යක්ෂ ගරැ ලෝරන්ස් රාමනායක පියතුමා, සහය අධ්‍යක්ෂ ගරැ ප්‍රසන්න ක්‍රිස්ටෝපර් පියතුමා, නිවාස පාලිකා රීටා අයිරාංගනී මහත්මිය හා කළුතර කටුකුරැන්ද රෝමානු කතෝලික මහා විද්‍යාලයේ විදුහල්පති හා ආචාර්ය මණ්ඩලයද ඔවුහු ස්තූති පූර්වකව සිහිපත් කරති. දුලාංජලීට සහ චමීරට විජය සුබ පැතුම් ගෙනෙයි.
(සටහන හා ඡායාරෑප - කළුතර සුනිල් එස්. තන්ත්‍රීආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments