උසස් බාලිකා වාර්ෂික නිවාස ශූරතාව ‘‘ඊට්න් නිවාසයට“
- 2018-02-17 21:53:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර උසස් බාලිකා විදුහලේ 139වැනි මලල ක්‍රීඩා උත්සවයේ දී ලකුණු 626ක් ලබා ගත් ඊට්න් නිවාසය වාර්ෂික නිවාස ශූරතාව හිමි කර ගත් අතර ලකුණු 590ක් හිමි කර ගත් ලැන්ඩන් නිවාසයට අනුශූරතාව හිමි විය. ලකුණු 482ක් ලබා ගත් ලෝරන්ස් නිවාසය තුන්වැනි ස්ථානයටත්, ලකුණු 463ක් ලබා ගත් සැන්සම් නිවාසය සිව් වැනි ස්ථානයටත් පත් විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ හිටපු අංශ ප්‍රධානි චින්තා එල්ලාවල මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම උළෙලේ දී නිවාස හතර ම විනයගරුක නිවාස ලෙස තේරුණු අතර හොඳම ආචාර පෙළපාළිය සැන්සම් නිවාසයට ද, හොඳම සරඹ සංදර්ශනය ලොරන්ස් නිවාසයට ද හිමි විය.
( ඇන්ටන් විජේරත්න විසිනි )
Reply To:
Name - Reply Comment
0 Comments