Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර පහ වසර ශිෂ්‍යත්වයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ උහන අධ්‍යාපන කලාපයේ උහන කනිෂ්ඨ විදුහලේ සිසුන් 83 දෙනෙක් සමත්වී සිටිති.
අම්පාර දිස්ත්‍රික්කයේ පාසලක එකවර සිසුන් විශාල පිරිසක් සමත්වූ ප්‍රථම අවස්ථාව මෙය බව  උහන උප කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.ආර්.හසන්ති මහත්මිය පැවසුවාය.
මෙවර ශිෂ්‍යත්වය සඳහා සිසුන් 175 ක් මෙම විදුහලින් ඉදිරිපත් වී තිබේ..
මෙම විදුහලේ ශිෂ්‍යත්ව පන්ති භාර ගුරැවරැන්  ලෙස එච්.ජේ.එම්.සුභද්‍රා,ආර්.බී.ප්‍රභාවතී,එච්.ස්වර්ණලතා,එම්.බී.නදීකා කුමුදුනී මහත්මීහු කටයුතු කරති.
 අම්පාර දිස්ත්‍රික්කයේ සිටින දක්ෂ විදුහල්පතිවරයෙක් වන උහන කනිෂ්ඨ විදුහලේ විදුහල්පති ජයන්ත රත්නායක මහතා මේ සඳහා ඇප කැපවී කටයුතු කළ අතර මේ ප්‍රතිඵලය ලබාදීමට සහය දුන් අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක විමලසේන මද්දුමආරච්චි මහතාට ද ස්තුතිවන්ත වෙන බව පාසල් සංවර්ධන සමිතියේ නිලධාරිහු පැවසුහ.


(අම්පාර වසන්ත චන්ද්‍රපාල)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.