ඌව උදානය අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය දා...
- 2019-12-20 14:53:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් ළමයි න්ට දැනුම ලබාගත හැකි ප්‍රදර්ශන කුටි හා දැනුම්වත් කිරීම් රුසක් ඇතුළත්ව ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරැණු ඌව උදානය- අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය හාලිඇළ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි.
ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ අදහසකට අනුව සංවිධානය කෙරැණු මෙම ප්‍රදර්ශනය දින පහක් පුරා පැවති අතර ඌව පළාතේ සියලු අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා ඒ යටතේ පවතින විවිධ ආයතන මගින් ඉදිරිපත් කෙරැණු අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක, කෘෂිකර්ම, ආයුර්වේද, හස්ත කර්මාන්ත, පේෂ කර්මාන්ත, ආහාර නිෂ්පාදන, නව නිපැයුම් ඇතුළු අංශ රුසක් යටතේ වූ ප්‍රදර්ශන කුටි රාශියකින් එය සමන්විත විය.
විශේෂයෙන් ප්‍රදර්ශනය අතරතුර පාසල් දරැවෙකු විසින් සිතුවමට නගන ලද ඌව ආණ්ඩුකාරවරයාගේ සේයාරැවක් ආණ්ඩුකාරවරයාට පිළිගැන්වීම, පාසල් සිසු සිසුවියන් විසින් ප්‍රදර්ශනය අතරතුර සැකසූ ආහාර පාන ආණ්ඩුකාරවරයා ඇතුළු අමුත්තන්ට පිළිගැන්වීම, පාසල් සිසු සිසුවියන් විසින් නිර්මාණය කරන ලද නව නිර්මාණ ඇගයීමද මෙහි සමාරම්භක උලෙළේදී සිදුවිය.
ප්‍රදර්ශනයට අමතරව විනෝද සැණකෙළියක්ද පැවැත්වුණු අතර ප්‍රදර්ශන කාලය තුළ පළාතේ පාසල් ළමයින් 12000 කට අධික පිරිසක් ඇතුළු විශාල ජනතාවක් ප්‍රදර්ශනය නැරඹීමට එක්වූහ.
මෙහි සමාරම්භක උලෙළ ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර හාලිඇළ ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක, ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න, පළාත් ආණ්ඩුකාරවර ලේකම් තිස්ස හාතියල්දෙනිය, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී.රත්නායක යන මහත්ම මහත්මීහු අතුළු නිලධාරීහු රුසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.
( හාලිඇළ - විජේරත්න රත්නායක )
Reply To:
Name - Reply Comment
0 Comments