ඌව පළාත් අ.පො.ස. උ.පෙළ විශිෂ්ටයන් ඇගයේ
- 2018-05-18 15:06:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අ.පො.ස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ඌව පළාතේ පාසල්වල සිසු සිසුවියන් ඇගයීමේ උත්සවයක් ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ එම්.පී. ජයසිංහ මහතාගේ හා ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල සයිමන් පීරිස් ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී 2017 උසස්පෙළ විභාගයේ දී ඒ සමාර්ථ තුනක් ලබාගත් සිසු සිසුවියන් 465 දෙනෙකු හා එම පාසල්වල විදුහල්පතිවරැන් ද විශේෂ ඇගයීමකට ලක්විය.
මෙම අවස්ථාවට ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ර.මු රත්නායක , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. එම්. පී. රත්නායක ඇතුළු නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.
සිසු සිසුවියන් හා විදුහල්පතිවරැන් වෙත සම්මාන පිරිනැමීම ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ එම්.පී. ජයසිංහ මහතාගේ හා ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය .
උත්සවයේ අවස්ථා කීපයක් මෙහි දැක්වේ.
(වියලුව වාර්තාකරැ නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments