Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ක්‍රම සම්පාදන කාර්යාලය සිව් වැනි වරටත් සංවිධානය කළ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය සහ වෘත්තිකයන් පිළිබද තොරතුරැ ඇතුළත් වෙබ් අඩවියක් ආරම්භ කිරීම පළාත් ආණ්ඩුකාරවර එම්.පී. ජයසිංහ මහතා අතින් පසුගියදා සිදුකෙරිණ.
බණ්ඩාරවෙල මහ නගර සභා ශ්‍රවණාගාරයේ දී පැවති උසස් අධ්‍යාපනික ප්‍රදර්ශනයේ දී දිවයිනේ ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනවල සම්පත් දායකයන් පැමිණ පළාතේ දරැවන්ට පාසල් අධ්‍යාපනයෙන් පසුව නව ලොවට සරිලන සේ ඉගෙන ගැනීමට ඇති පාඨමාලා පිළිබද මනා දැනුමක් ලබාදීම මෙහිදී සිදුවිය. මෙම ප්‍රදර්ශනය නැරඹීමට හා නවීන අධ්‍යාපන ක්‍රම හා නව පාඨමාලා පිළිබඳ දැනුමක් ලබාගැනීම සඳහා පළාතේ පාසල් රුසක සිසු සිසුවියෝපැමිණියහ.
 එදිනෙදා ජනජීවිතයට අත්‍යවශ්‍ය වන ඌව පළාතේ වෘත්තිකයන්, ශිල්පීන් හා සම්පත් දායකයන් ගැනතොරතුරැ ඇතුළත් වෙබ් අඩවියක් manpower.lk නමින් ආරම්භ කිරීම ද මෙහිදී සිදුවිය. ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රම සම්පාදන) ආනන්ද විජිත කුමාර මහතාගේ උපදෙස් මත නිලධාරිහු මෙම උත්සවය සංවිධානය කළහ. 
(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)    

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.