ඌව වෙල්ලස්ස කැරුල්ල සමරා විශේෂ වැඩසටහනක් - ඌව වෙල්ලස්ස කැරුල්ලට වසර දෙසීයයි - වෑපස්සාවෙල බ/සිරිනිවා
- 2018-08-31 21:40:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම 2018 වර්ෂයට වසර 200 ක් සපුරන ඓතිහාසික ඌව වෙල්ලස්ස කැරුල්ල සමරමින් සංවිධානය කරන ලද විශේෂ සමරැ වැඩසටහනක් හාලිඇළ අධ්‍යාපන කොට්ඨාසයේ වෑපස්සාවෙල බ/සිරිනිවාස මහ විදුහලේදී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී ඓතිහාසික ඌව වෙල්ලස්ස කැරුල්ල හා ඊට නායකත්වය දෙමින් රට වෙනුවෙන් දිවිපිදූ විරැවන් පිළිබඳව සිසුන් දැනුම්වත් කෙරිණි. ඌව වෙල්ලස්ස අරගලයේ අභීත නායකයකු වූ මොණරවිල කැප්පෙටිපොළ විරැවාණන්ගේ මී මුනුපුරෙකු වන ඌව ගීතයේ රචක සුනිල් අබේසුන්දර මොණරවිල මහතා විසින් විශේෂ දේශනයක්ද සිදුකරන ලදී.
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි බ/වෑපස්සාවෙල සිරිනිවාස මහ විදුහලේ විදුහල්පති සිසිර කුමාර මහතාගේ මඟ පෙන්වීම මත විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය විසින් මෙම සමරැ උලෙළ සංවිධානය කරන ලදී.
( හාලිඇළ- විජේරත්න රත්නායක )
Reply To:
Name - Reply Comment
0 Comments