එම්.ඩී.එච්.ජයවර්ධන විදුහලේ ශිෂ්‍ය නායකයන්ට පදක්කම්
- 2018-09-02 10:57:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ උඩුමුල්ල එම්.ඩී.එච්.ජයවර්ධන විද්‍යාලයේ 03,04 සහ 05 ශ්‍රේණිවලින් තෝරාගත් ශිෂ්‍යනායක නායිකාවන් 40 දෙනෙකුට ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම එම විදුහලේ දී පසුගියදා පැවැත්වුණි.
ඉන් අනතුරැව ශිෂ්‍යනායක නායිකාවන් දිවුරැම් දීමත් ගුරැවරැන් හා මවුපියන් නමැදීමත් සිදු කෙරැණි. විදුහල්පති ආර්.ජී.එස්.රණවැල්ල මහතාගේ ආරාධනයෙන් ලියන්වල ආනන්ද සමරකෝන් ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති පී.ඒ.පී.ජයලාල්, අංගම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ටී.බී. දිසානායක යන මහත්වරැ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වූහ.
විදුහල්පති ආර්.ජී.එස්.රණවැල්ල මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය උත්සවය සංවිධානය කර තිබුණි.
(පාදුක්ක විශේෂ - නිහාල වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments