Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔරැබැඳිවැව ද්වීතියික පාසලේ මාධ්‍ය සමාජය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ප්‍රතිරෑ මාධ්‍ය උලෙළ - 2019* විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ බන්දුල පී.දයාරත්න, විජය පුවත්පතේ ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය, නියෝජ්‍ය කර්තෘ ඉන්දික සෙනවිරත්න, මාධ්‍යවේදී නදීෂ් දික්කුඹුර, විදුහල්පති ගාමිණී අමරසිංහ, මාධ්‍ය අධ්‍යයන ආචාර්යවරැන් වන මනෝජ් හේවගේ, චන්ද්‍රිකා කුමාරි රත්නායක, ප්‍රේමා බී.බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද අවට ද පාසල්වල විදුහල්පතිවරැ සහ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රුසක් ද සහභාගී වූහ.
මාධ්‍ය උලෙළ කථික තරග, කතන්දර කීම, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, වැඩසටහන් ඉදිරිපත් කිරීම, පුවත්පත් වෙළෙඳ දැන්වීම් නිර්මාණය, කාව්‍ය නිර්මාණය, ඡායාරෑපකරණ යනාදී තරග අංශ ඔස්සේ ජයග්‍රහණ හිමිකර ගත් සිසු සිසුවියන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදුවිය.
විජය පුවත්පතේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ මාධ්‍ය භාවිතය සහ පුවත්පතකට ලිවීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙමින් සිසු සිසුවියන් දැනුම්වත් කළහ. ‍
මෙම මාධ්‍ය වැඩමුළුවට සමගාමීව විද්‍යාලයෙන් සිදුකරනු ලබන “විසුල ටී.වී* වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ විකාශනය සහ පාසල තුළ පුළුල් තිර යොදා විකාශනය කිරීම සිදු කෙරැණි. ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ බන්දුල පී.දයාරත්න මහතා මාධ්‍ය අධ්‍යයන විෂය සඳහා කළ මෙහෙවර අගයමින් විද්‍යාලයේ මාධ්‍ය සමාජය මගින් උපහාර තිළිණයක් ප්‍රදානය කිරීමක් ද සිදුවිණි.


(සටහන සහ ඡායාරෑප - රැෂිරැ තරංග)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.