Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අන්තර්ජාතික නව නිපැයුම් ඔලිම්පියාඩ් තරගාවලිය මෙවර දකුණු කොරියාවෙහිදී පැවැත්වේ. එ් සඳහා පාසල් මට්ටමින් උසස් පෙළ අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් පාසල් සිසුන් තිදෙනෙකු මෙම තරගය සඳහා සහභාගී වීමට නියමිතයි. එහිදී පන්නිපිටිය ධර්මපාලයේ කවිඳු පසන් කවිතිලක ශිෂ්‍යයා මෙම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

2015 වසරේ දී සමාන්‍ය පෙළ අංශයෙන් SAITMRoboSprint තරගයේදී කවිඳු සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

එසේම 2015 වසරේSLASS නව නිපැයුම් තරගය සදහා  සාමාන්‍ය පෙළ අංශයෙන් කවිඳු ඉදිරිපක් කළ‘e-ගොවිපල’ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

2017 වසරේ දී කවිදු ඉදිරිපත් කළ නොකැඩෙන වීදි පහන වෙනුවෙන්,සහසක් නිමැවුම් 2017 ජාතික නව නිපැයුම් තරගාවලියේදී දෙවන ස්ථානය මෙන්ම,SLASS තරගාවලියේ උසස්පෙළ අංශයෙන් රන් පදක්කමක්දිනා ගැනීමට සමත් විය. තවද 2016 වසරේදී බස්නාහිර පලාත් ICTQuiz තරගාවලයේ 11 ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය දිනාගැනීමටද ඔහු සමත් වී ඇත.

නව නිපැයුම් අංශයෙන් මෙන්ම ඉගෙනීම් කටයුතු වලින්ද දස්කම් දක්වන කවිඳු මෙවර ජාත්‍යන්තර තරගාවලියෙන් ශ්‍රී ලංකාවට හා පන්නිපිටිය ධර්මපාල විදුමවට කීර්තියක් ගෙන එ්ම ප්‍රධාන අපේක්ෂාව බව සඳහන් කරයි.එසේම මේ සඳහා සිසුන් සහභාගී කරවන්නේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම බව වැඩිදුරටත් පවසයි.

නදීශ් දික්කුඹුර

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.