Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කඳාන ද මැසිනොද් විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවය විදුහලේ ආදි ශිෂ්‍ය ඇමරිකානු හවායි දේශයේ ශ්‍රී ලංකා “කොන්සල්* තනතුර හොබවන බීඩ් ධම්මික කුරේ මහතාගේ හා නිරංජලා කුරේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය “දලාසාල්* ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්වුණි.
එහිදී 6 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා විෂයයන්වලින් දක්ෂතා දැක්වූ සිසු සිසුවියන්ට මෙන්ම ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට ද අ. පො. ස සා/ පෙළ, උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් සිසුන්ට ද සෞන්දර්යය අංශවලින් සමස්ත ලංකා ජයග්‍රහණ ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රුසක් ද සහතික පත්‍ර හිමිකර ගත්හ. 2015 අ. පො. ස. උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වී විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසු සිසුවියෝ 59 දෙනෙක් ද පදක්කම් හා සහතික පත්‍ර ලබා ගත්හ.
2016 වසරේ කනිෂ්ඨ අංශයේ දක්ෂතම සිසුවා ලෙස එවන් චානුක් නානායක්කාර ශිෂ්‍යාත්, ජ්‍යෙෂ්ඨ අංශයේ මැසිනෝදියානු ශිෂ්‍යයා ලෙස පුනු විනුරමාල් ජයකොඩි සිසුවාත් සම්මාන හිමිකර ගත්තේය.
විදුහලේ සිසු සිසුවියන්ගේ නැටුම් ගැයුම් හා වැයුම්වලින් උලෙළ විචිත්‍රවත් විය.
( ඡායාරෑප හා සටහන - 
පමුණුගම ඇන්ටන් ජයසූරිය)
mr-2-1-(1) mr-2-1-(2) mr-2-1-(3) mr-2-1-(4)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.