Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කඳාන ද මැසිනොද් විදුහලේ 2018 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති පියරේන්ගුවේන් වැන්ටොට් අගරදගුරැ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය දලාසාල් ශාලාවේ දී පැවැත්වුණි.
“බහු ආගමික ජනතාවක් ජීවත්වන සමාජයක වැදගත් වන්නේ එක් එක් අයගේ ආගම සහ භාෂාවේ අගය වටහා ගැනීමයි. එසේම සෑම අයෙක්ම තම සහෝදරයා හා සහෝදරිය වශයෙන් පිළිගැනීම වැදගත්. ඒ තුළින් ජීවත් වීමේ අයිතිවාසිකම්වලට ගරැ කිරීමට හැකි වන බව මුලසුනේ දෙසුම කරමින් තානාපති හිමිපාණෝ ප්‍රකාශ කළහ.වාර්ෂික වාර්තාව විදුහල්පති ජානක ෆොන්සේකා සහෝදරතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
මෙම ත්‍යාග ප්‍රදාන උත්සවයේ දී 2018 වසර තුළ විෂයානුබද්ධ විෂය සමගාමී, ක්‍රීඩා, සංගීත, විෂය බාහිර ආදි අංශ රුසකින් දස්කම් දැක්වූ සිසු දරැ දැරියන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි. විශේෂයෙන් 2016 හා 2017 වසරවල දී උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වී විශ්වවිද්‍යාල වරම් හිමිකර ගත් සිසු සිසුවියෝ රුසක් ද තානාපති හිමිපාණන් අතින් පදක්කම් හිමිකර ගත්හ. 2018 වසරේ විශිෂ්ටතම මැසිනෝදියානුවා ලෙස රොෂෙන් ජයකොඩි ශිෂ්‍යයා සම්මාන හිමිකර ගත්තේය. දරැ දැරියන්ගේ නැටුම්, ගැයුම්, වැයුම්වලින් උලෙළ වර්ණවත් විය.
මේ අවස්ථාවට විදුහල්පති ජානක ෆොන්සේකා සහෝදරතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරැන් වන පුබුදු රාජපක්ෂ ටෙරන්ස් ප්‍රනාන්දු සහෝදරතුමන්ලා ද, හිටපු විදුහල්පති බර්ට්‍රම් පෙරේරා සහෝදරතුමා ඇතුළු ආරාධිතයෝ, මවුපියෝ, සිසු සිසුවියෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


(පමුණුගම - ඇන්ටන් ජයසූරිය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.